1200 x 80 DMirror

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද රාත්‍රී 9.00 ජාතිය ඇමැතීමට නියමිතය.


අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්ව මේ වන විට පැය 48කට වැඩි කාලයක් ගතව ඇතත්, මේ දක්වා නව අග්‍රමාත්‍යවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයා මෙතෙක් අසමත්ව තිබේ.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අද (මැයි 11) පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම ද අවලංගු කළත්, පසුව එය Zoom ඔස්සේ අද පස්වරු 3ට පැවැත්වීමට තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කරයි. යළි පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතව ඇත්තේ මැයි 17 වැනිදා ය.

මෙසේ නව ආණ්ඩුවක් පත් කිරීම අවිනිශ්චිත තත්ත්වයක තිබියදී ජනාධිපතිවරයා මේ මොහොත වනවිට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති මන්දිරයට කැඳවා විශේෂ සාකච්ජාවක් පවත්වමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත අගමැති ධුරය බාරගනිමින් ආණ්ඩුවක් පිටුවන ලෙස ජනාධිපතිවරයා මැයි 09 කර තිබු ආරාධනය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබිණ. ඒ, පළමුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්වියයුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කරමිනි.

මේ අතර ස්වාධින මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ රැස්වී අගමැති ධුරය සඳහා නම් තුනක් යෝජනා කර තිබිණ. ඩලස් අලහප්පෙරුම, විජේදාස රාජපක්ෂ හා නිමල් සිරිපාල ද සිල්වා ඒ නම් තුනයි.

ඒ අතර ප්‍රසිද්ධ හිමිවරුන් පිරිසක් විසින් හිටපු කතානායක කරු ජයසුරිය අගමැති  ධුරයට පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

පසුගිය 09 වැනිදා සාමකාමී විරෝධතාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් පහරදීමත් සමග රටපුරා ආරම්භ වූ ප්‍රචණ්ඩ ක්‍රියා දෙවන දිනටත් ඊයේ රාත්‍රියේත් පැවතුන අතර මේ වන විට බොහෝසෙයින් පාලනය වී ඇතැ යි ආරක්ෂක අංශ පවසයි.

 

Leader Whats app

 

 

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය