leader s

පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කළහකාරී ලෙස හැසිරුණ බවට චෝදනා කොට මානව හිමිකම් ක්‍රියාදර පිරිස් අත්අඩංඟුවට ගැනීමට කොම්පඤඤ වීදිය පොලිසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.


පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කළහකාරී ලෙස හැසිරුණ බවට චෝදනා කොට මානව හිමිකම් ක්‍රියාදර පිරිස් අත්අඩංඟුවට ගැනීමට කොම්පඤඤ වීදිය පොලිසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංඟුවට ගැනීමට සැළසුම් කර ඇති පිරිස පහත දැක්වේ. ඒ අතර බෞද්ධ භික්ෂුන් දෙනෙකේ, කතෝලික පියතුමකු, වෘත්තීය සමිති නායකයකු ද වේ.

1. තැන්නේ ඥානානන්ද හිමි

2. ටැම්පිටියේ සුගතානන්ද හිමි
3. බෙනඩික් ජෝසෆ් ස්ටාලින් ප්‍රනාන්දු
4. ධම්මික මුණසිංහ
5. ජගත් මනුවර්ණ
6. දමිතා අබේරත්න
7. රතිදු සුරම්‍ය සේනාරත්න (රැට්ටා)
8. සත්‍යවේල් පියතුමා  


ඉහත ලයිස්තුවේ නම සඳහන් රතිදු සුරම්‍ය හෙවත් රැට්ටා කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් ඊයේ  (30)  පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබිය.

එම අවස්ථාවේදී පොලීසිය සඳහන් කළේ, පසුගිය 25 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පැවැති විරෝධතාවයකදී බන්ධනාගාර බස්රථයකට පහර දීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිම යන චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවය.

Ibbo 22022             ඡායාරූපය: රනිල්-ගෝටා ආණ්ඩුවේු මර්දනය දිනක් පාසා ඉහළ යමින් ඇත්තේ අලුත්ම කැරැලි මර්දන උපකරණ ද ගෙන්වමිනි. (මුල් ඡායාරූප:Thilina Kaluthotage @ThilinaKalu)


කෙසේවුවද, පොලිසිය ඊයේ රාත්‍රී ඔහුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

'රැට්ටා' ගාලු මුවදොර 'ගෝඨා ගෝ හෝම්'  අරගල භූමියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වේ.


රනිල්-ගෝඨා ආණ්ඩුව විසින් දියත් කර ඇති මර්දනයේ කොටසක් ලෙස මෙම අත්අඩංඟුවට ගැනීම දැක්විය හැකි බව මානව හිමිකම් ප්‍රජාව අදහස් දක්වති.



ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් නිර්ලජ්ජිත ලෙස සාමකාමී අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමේ සහ දඩයම් කිරීමේ නින්දිත ක්‍රියාවලියක් ආරම්භ කොට ඇති බව 'සර්වපාක්ෂික අරගලකරුවෝ' පවසති.

එහි සංකේතයක් ලෙස රැට්ටා අත්අඩංගුවට ගෙන තිබීම හරහා ඔහුගේ මෙන්ම මෙරට සියලු සාමකාමී අරගලකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි 'සර්වපාක්ෂික අරගලකරුවෝ' වැඩිදුරටත් කියා සිටියි.


(මුලාශ්‍රය - srilankabrief.org)

9

Leader Whats app

  23

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්