leader s

ඉන්ධන ඉල්ලා මාතර කොළඹ ප්‍රධාන මාර්ගය මාතර මහානාම පාලම මතින් අවහිර කර විරෝධතාවයක් දක්වන අතරතුර පොලිස් ත්‍රී රෝද රථයකට පහර දී  අලාභ හානි සිදු කිරීම  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන

මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ  පුද්ගලයෙකුට අවුරුදු තුනහමාරක සිර දඬුවමක් නියම කිරීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කළේය.

මෙය අප්‍රේල් මස 19 වන දින මාතර මහානාම පාලම මතදී ඉන්ධන ඉල්ලා පැවැත්වූ විරෝධතාව අතරතුර මාතර මූලස්ථාන පොලිසියට අයත් ත්‍රී රෝද රථයකට පහර දී අලාභහානි කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් මාතර මැද්දවත්ත  ජනරජ මාවතේ පදිංචි නිරන්ජන් ලක්ෂාන් (E.D. Niranjan Lakshan)  නමැති 30 හැවිරිදි තරුණයෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කර තිබිණි.

එම නඩුවට අදාළ තීන්දුව මාතර මහෙස්ත්‍රාත් මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් ප්‍රකාශයට පත් කරමින් වැරදිකරුට වසර තුනහමාරක බරපතළ වැඩ සහිත සිර  දඬුවම් නියම කළේය.

ඒ චෝදනා හතරකට වරදකරු කරමින්ය.

පළමු චෝදනාව ලෙස අයුතු ජන ජනරාශියක සාමාජිකයෙකු වීම සඳහා දඬුවම මාස හයක 6 ක සිර දඬුවමක් සහ රුපියල් 1500ක දඩයක්  ද, අයුතු අවහිර කිරීමේ චෝදනාවට වැරදිකරු කර වසරක සිර දඬුවමක් සහ රුපියල් 1500ක දඩයක් ද,  පොලිස් නිලධාරීන්ට සාපරාධී  බලහත්කාරයෙන් බලපෑම් කිරීමේ චෝදනාවට වරදකරු කර වසරක සිර දඬුවමක් හා රුපියල් 1,500 ක දඩ මුදලක් ද, රජයේ දේපළ වලට හානි කිරීමේ වරදට  වසරක සිර දඬුවමක් හා රුපියල් එක්දහස් පන්සියයක් ද  ගෙවා දණ්ඩනයට ලක් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ත්‍රීරෝද රථයට හානි කිරීම් සම්බන්ධයෙන් රුපියල් 50,000 ක අලාභයක් ද ගෙවීමට අධිකරණය නියෝග කළේය.

මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා ගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. හෙට්ටිආරච්චි ගේ මෙහෙයවීමෙන් මාතර අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක අනිල් ඇතුළු නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

 

WhatsApp Image 2022 06 07 at 8.25.43 AM

JDS 2022.06.07

jds 

 

{gallery}radicalcenter2022531{/gallery} 

Leader Whats app

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්