රජය සමඟ ව්‍යාපාරික කටයුතු සිදු කරන පුද්ගලයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
මහජන සහාය පතයි.
ඒ, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙනුවෙන් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ''මහජන සුබසෙත උදෙසා වන දැන්වීමයි'' යන ශිරස්තලය යටතේ
සමාජ මාධ්‍ය දැන්වීමක් පළකරමිනි. එම දැන්වීමේ මෙසේ සඳහන් වේ.
අභියාචනාධිකරණයේ CA/1164/98 (ඩිලාන් පෙරේරා එදිරිව රාජිත සේනාරත්න) නඩු තීන්දුව අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් රජය සමඟ ව්‍යාපාරික කටයුතු සිදු කිරිම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිවීමට හේතුවකි.
දැනට එලෙස කටයුතු කරන හෝ අනාගතයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීමට නියමිත පුද්ගලයින් සම්බන්ධයෙන් මහජන සුබසෙත උදෙසා කටයුතු කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අවධානය යොමුවී ඇත.
එවැනි පුද්ගලයින් වෙතොත් ඔවුන්ගේ ව්‍යාපාර හිමිකම් හා රජය සමඟ සිදු කරමින් තිබෙන ගණුදෙනු පිළිබඳ තොරතුරු, දත්ත හා සාක්ෂි පහත ඊමේල් සහ සමාජ මාධ්‍ය වෙත පණිවුඩ මගින් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමු
https://www.facebook.com/chrlanka
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙනුවෙන්
Center for Human Rights and Research - CHR Sri Lanka
ජනාධිපතිටත් යලිත් වටයකින් චෝදනා !
රජය හා පවුල සමඟ ව්‍යාපාරික කටයුතු සිදු කරන පුද්ගලයකු පාර්ලිමේන්තුවට නම් කර ඔහුට ඔහුගේ ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළ අමාත්‍ය ධුරයක් ලබාදීමට යනබවට රාවයක් පැතීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට යළිත්වරක් බරපතල විවේචනයක් එල්ලවෙමින් තිබේ.
මෙසේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වගකීම පැවරීමට යන බවට ප්‍රකාශිත පුද්ගලයා ,1996 -97 කලයේදී VoIP (Voice Over Internet Protocol හරහා රුපියල් බිලියන ගණනින් අයතා ධනයක් උපයාගත් අයකු ලෙසට ද චෝදනාවක් එල්ලවී තිබිණ.
පහත දැක්වෙන්නේ ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනකි.
''ව්‍යාපාරිකයො දේශපාලනයට ඇතුල් කර නොගත යුතුයි කියන එකයි මගේ අදහස. ඒක ඉතාම නරක ප්‍රතිඵල ඇති කරනවා. දේශපාලනය ඕන කෙනෙකුට කරන්න පුළුවන් කියන එක වැරදි අදහසක්. දේශපාලනය කියන්නෙත් විෂයක්. ලංකාවේ ඒක ඉගෙනගන්නෙ ප්‍රැක්ටිස් එකෙන්. ඒ කියන්නෙ ඇගෙන්. හාමුදුරුවරු වගේම ව්‍යාපාරිකයන් සහ කලාකරුවන් දේශපාලනයට සම්බන්ධ කර නොගත යුතුයි. දේශපාලන පක්ෂයකට උදව් කිරීම ගැන නෙමෙයි මේ කියන්නෙ. ප්‍රජා පාලන ආයතන නියෝජනය නොකළ යුතුයි කියන එක. මේකෙන් ඒ අය දැනට යෙදිලා ඉන්න විෂයත්, රටේ දේශපාලනයත් දෙකම අවුලට යනවා. දේශපාලනය කරන්න ඕන දේශපාලකයො.''
https://theleader.lk/news/12017-2022-06-10-04-32-17#sigProIda04a38dc6d