අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජූනි මස 8 වැනි දා පාර්ලිමේන්තුව අමතා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක යම් කොටස් කෙරෙහි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුවේ අවධානය යොමු වී

ඇත.

අග්‍රාමාත්‍යවරයා සිංහලෙන් කරන ලද එම ප්‍රකාශයේ මෙසේද සඳහන් කර ඇත.

“ලංකාවේ නීතිවේදී සංගමය තමයි ජනාධිපතිතුමා හම්බවෙලා මැයි 08 වෙනිදා ගිවිසුමකට ආවේ. ඔබතුමා 19 වෙනි සංශෝධනය ආපහු ගේනවානම් ඔබතුමා  විශේෂයෙන්ම විධායක ජනාධිපතිකම අහෝසි කරනවානම් ඔබතුමාට ජනාධිපති හැටියට ඉන්න පුළුවන් කියලා. ඒක ගෙනාව එකේ තියෙනවා. ඒ ගොල්ලගේ යෝජනාවේ වෙන එකක් නැහැ. ඒ ගොල්ල හම්බවුනා.”

ඉහත ප්‍රකාශය සාවද්‍ය වන අතරම, ඉන් එම සිදුවීමේ සැබෑව පිළිබිඹු නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ එම සංගමයේ ලේකම් ඉසුරු බාලපටබැඳි ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශයක් පිළිබඳවයි 



''2022 මැයි මස 8 වැනි දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කළමනාකරණ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මන්දිරයේදී ඔහු හමු වී, ඔහු වෙත යවා තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන යෝජනා පිළිබඳව සාකච්ජා කරන ලදී.

තවද, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම පරිදි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම, සමගි ජන බලවේගය (SJB) සහ ජාතික ජන බලවේගයේ (NPP) නියෝජිතයන්ද සංගමයේ කළමණාකරන කමිටුව හමු විය.  

මෙම සෑම රැස්වීමක් පිළිබඳවම මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කර ඇත.


ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා වලට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන යලි ස්ථාපිත කිරීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ යෝජනා පමණක් නොව 15 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයකින් සමන්විත ජාතික රජයක් පිහිටුවීම ඇතුළු යෝජනා කිහිපයක් සහ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ විසින් පිළිගත හැකි අග්‍රාමාත්‍යවරයකු පත් කිරීම, සියලුම පාර්ශවයන් විසින් එකග විය යුතු පොදු අවම වැඩසටහනක් සහ සාමාජිකයන් 15 දෙනෙකුගෙන් යුතු උපදේශන කමිටුවක් පත් කිරීම යන කරුණුද ඇතුළත් විය.


# ගරු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිතුමා සමග කිසිදු එකඟතාවකට පැමිණ නැත. ශ්‍රී ලංකා නීතිඥ සංගමය යනු වෘත්තීමය සංවිධානයක් වන අතර ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර ගිවිසුමකට එළඹීම පිළිබඳව කරුණු කිසිම අවස්ථාවක මතු වී නැත.

# විධායක ජනාධිපති ක්‍රමය සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එකඟ වන්නේ නම් ඔහුට තවදුරටත් ධුරයේ රැඳී සිටිය හැකි බවට කිසිදු සහතිකයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයාට ලබා දී නැත.


එසේම රට තුළ ආර්ථික තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දේශපාලන ස්ථාවරත්වයක් අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් සිය යෝජනා කෙරෙහි එකඟ වී ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය යලි අවධාරණය කර සිටියි.

පළමු පියවර ලෙස 19 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන ප්‍රමාදයකින් තොරව නැවත සම්මත කළ යුතු අතර ඉන් පසුව විධායක සහ ව්‍යවස්ථාදායකය විසින් වග වීම තහවුරු කිරීම සහ දූෂණය පිටු දැකීමේ ඡනතා අභිලාෂයන් ඉටු කරන පොදු අවම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුලින් රටේ ස්ථාවරභාවයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහසයි.''

{gallery}radicalcenter2022531{/gallery}

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්