leader s

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් ඊයේ (ජුනි13) ඉල්ලා අස් වීමට හේතුවූ කෝප් කමිටු ප්‍රකාශයට අදාල කරුණ ඔහු

විසින් මිට ඉහතදී ලිඛිතව ද සඳහන් කර තිබුවක් බව මේවනවිට අනාවරණය වේ.

එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු ලංකා විදුලිබල මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස් වුණේ, ඉන්දියාවේ ප්‍රකෝටිපතියෙකු මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයෙකු ලෙස සැලකෙන අදානි සමූහයේ සභාපති ගෞතම් අදානිගේ ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය යලි ආන්දෝලයට ලක්ව ඇති පසුබිමකය.

එය මෙරට මෙන්ම ඉන්දියාවේ දේශපාලන ක්ෂේත්‍රයේද මතභේදයට තුඩුදෙන ව්‍යාපෘතියක් බවට පත්වුයේ අදාළ ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කළ බවට එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සාභාවේදී කළ අනාවරණයයයි.


කෝප් කමිටුවේ අනාවරණය

ww453

ලංකා විදුලිබල මණ්ඩලය ජුනි 10 දා කෝප් කමිටුව හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවනු ලැබිණි.

එහිදී මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට ලබාදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයා ප්‍රමුඛ පිරිසගෙන් ප්‍රශ්න කරනු ලැබිණ.

ඊට පිළිතුරු දුන් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මෙසේ ප්‍රකාශ කළේ ය:


"මෙහෙමයි වුණේ ඇත්ත වශයෙන්ම. ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා, මම හිතන්නේ ගිය නොවැම්බර් 24 වැනිදා වගෙ, කිව්වා මේ අදානි සමාගමට දෙන්න, මේක ඉන්දිය අගමැති මෝදි කියනවා මට බල කරනවා මේක දෙන්නේ කියලා කියනව යි කියලා. පස්සේ මම ඒ වේලාවේ කිව්වා මේකේ මේ මටවත් විදුලිබල මණ්ඩලයටවත් අයිති ප්‍රශ්නයක් නෙමෙයි, මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා. නෑ නෑ ඔයා මේක මම ඒ හින්දා ලියුමක් ලියලා දැම්මා මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝගයක් දෙනවා ය කියලා මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා, මේක ඔහෙන් කරගන්න, මේක විදුලිබල මණ්ඩලයට අදාල ප්‍රශ්නයක් නෙමෙයි කියලා. හැබැයි මං කිව්වා මේක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් රික්වයර්මන්ට් එකක් තියෙනවා, ඒ අනුව තීරණය කර ගන්න කියලා. අපි දුන්නේ ෆීසිබිලිටි එකක් කරන්න."


විදුලිබල මණ්ඩල සභාපතිවරයා එම ප්‍රකාශය සිදුකර පැය 24ක් ගතවන්නටත් මත්තෙන් කෝප් කමිටුව හමුවේ තමා කළ ප්‍රකාශය ඉවත්කර ගන්නා බව කියා සිටියේ ය.

ඒ අවස්ථාවේ පැවති අධික පීඩනයත්, විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළව කාර්යබහුලවීම නිසා නිසි ලෙස ආහාර පවා නොගෙන වෙහෙසවීම හේතුවෙන් ඇතිව තිබූ මානසික තත්ත්වයත් මත මෙම ප්‍රකාශය තමා අතින් සිදුවී ඇති බව ඔහු පැවසුවේ ය.

කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ ජනාධිපතිවරයා හෝ විෂය භාර අමාත්‍යවරයා හෝ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් එල්ලවූ බලපෑමක් නිසා නොවන බව ද ලංකා විදුලිබල මණ්ඩල සභාපති ෆර්ඩිනැන්ඩු පැවසීය.


"කිසිවෙකුට බලපෑම් කළේ නැහැ"


කෙසේ නමුත්, මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ දී ලංකා විදුලිබල මණ්ඩ‍ලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපවරයා වගකීමෙන් කියා සිටින්නේයැ යි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ ය.


srt4


ජනාධිපතිවරයා එසේ පැවසුවද, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු පසුගිය වසරේ (2021) නොවැම්බර් 25 දා එවකට මුදල් අමාත්‍යංශයේ ලේකම්ව සිටි එස්.ආර්. ආටිගලට යොමුකර ඇති ලිපියක ද ඔහු කෝප් කමිටුවේදී කළ කාරණය පැහැදිලිව සඳහන් වේ.

sena

PHOTO 2022 06 14 10 08 41PHOTO 2022 06 14 10 08 41 1



සබැඳි පුවත් :


ලංවිම සභාපතිට යන්න වුනේ 'අදානි ගැන කතාව' නිසාද ?

වත්මන් ජනාධිපති ඉන්දීය රූකඩයක් වෙලා!

ජනාධිපතිගෙන් දෝස්මුරයක්! - ලංවිම සභාපති 'රිවස්"


{gallery}radicalcenter2022531{/gallery}

Leader Whats app

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්