leader s

ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතු ඉන්ධන පිරවුම්හල් ඉන්ධන සැපයුම සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමට කැබිනට් මණ්ඩලයට අද (27) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති

අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (26) පස්වරුවේ පැවසීය.

මෙහිදී ඉන්ධන නිපදවන රටවල්වල සමාගම්වලට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම් මාස 6 ක් හෝ වසරක කාලයක් ඔවුන්ගේ මව් සමාගම්වලින් ණය ක්‍රමයකට ඉන්ධන ලබාගෙන සැපයීමෙන් ශ්‍රී ලංකාවට විදේශ මුදල් පිළිබඳව බරක් නොවිය යුතු බවත් අමාත්‍යවරයා කීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 1190 එම සමාගම්වලට 200 බැගින් හෝ ලබාදිය හැකි නම් ඉන්ධන ගැටලුවට විසඳුමක් වියහැකි බව කී අමාත්‍ය විජේසේකර, ඉන්දියන් ඔයිල් සමාගම තවත් පිරවුම්හල් 50 ක් හෝ අලුතෙන් පිරවුම්හල් ස්ථාපිත කිරීමට හෝ ඉල්ලා ඇති බව ද සඳහන් කළේය.


ඉන්ධන ඇමැති කනස්සල්ලෙන් 

image 9a3cc63be4
ඉන්ධන නෞකාවක් ලැබෙන දිනයක් නිශ්චිතව කිවනොහැකි බවත් ඉදිරි අනාගතයේ ඉන්ධන අර්බුදයේ වඩාත් බරපතල තත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (26) පැවසීය.

ජනතාවට අවශ්‍ය ඉන්ධන සැපයුම ලබාදීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනතාවට කනගාටුව පළකරන අතරම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව කී අමාත්‍ය විජේසේකර පැවසුවේ, පැරණි ඉන්ධන සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීමෙන් නව සැපයුම්කරුවන්ට යෑමට සිදුවීමෙන් ඉන්ධන ආනයනය දැඩි අර්බුදයක් බවට පත්ව ඇති බවත්ය.

ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල රැදී උද්ඝෝෂණය නොකරන ලෙස ඉල්ලා සිටින අතරම භූමිතෙල් තව දුරටත් ලබාදිය නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය විජේසේකර අද සවස 2.30ට ඇමරිකානු තානාපතිනිය හා එරට විශේෂ නියෝජිතයින් පිරිසක් සමග ඉන්දන සැපයීම සම්බන්ධයෙන් සාකච්ජාවක් පැවැත්වීමට නියමිත අතර එහි ප්‍රගතිය කැබිනට් මණ්ඩලයට දැනුම්දීමට නියමිතය.

අනතුරුව අමාත්‍ය විජේසේකර අද රාත්‍රී කටාර් බලා පිටත්වයාමට නියමිත අතර හෙට දිනයේ එරට බලධාරීන් සමග මෙරටට ඉන්දන සැපයීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ජාවක් සිදු කිරීමට නියමිත බවත් වාර්තාවේ.


(ජායාරුප -lankadeepa.lk)

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්