leader s

ඉන්ධන අර්බූදය නිසා ගමනා ගමන පහසුකම් නොමැතිව ලොරි රථයකින් ගමන් ගත් සිසුන් පිරිසක එම ලොරියේ තට්ටුව කඩා වැටී තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


තුවාල ලැබූ සිසුන් 13 දෙනකු රෝහල්ගත කර ඇත.

ගලෙන්බිදුණුවැව තක්ෂිලා විද්‍යාලයේ ඉගෙනුම ලබන, ළමුන් තිහකට වැඩි පිරිසක් මෙම කුඩා ලොරි රථයේ ගමන් කර ඇත.  

ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුළත් කළ ළමුන් තිදෙනෙකු වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කැකිරාව සිට දාච්චිහල්මිල්ලෑව දක්වා දිවෙන මාර්ගයේ මාර්ගයේ ලොරි රථ හිමියකු ඇල්ලවැව හන්දියේ රැඳී සිටි පාසල් සිසුන් පිරිසක් මෙම ලොරි රථයේ රියැදුරා පාසලට ඇරලවීම සඳහා රැගෙන ගොස් ඇත.

අනතුරුව කුඩා ලොරි රථ රථයේ තට්ටුවට බර වැඩි වීම හේතුවෙන් එය කඩා වැටී ඇති බවද පොලිසිය කියයි.

රෝහල් ගත කෙරුණු ළමුන් දහ තුන්දෙනාගෙන් බොහෝ පිරිසක් මූලික ප්‍රතිකාර ලබා ගෙන රෝහලෙන් පිටව ගොස් ඇති අතර අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු සිසුන් තිදෙනාගෙන් එක් සිසුවෙකු ගේ පාදයේ අස්ථි බිදීමක් සිදු ව ඇතැයි ද රෝහල් ආරංචිමාර්ග පවසයි.

(lankadeepa.lk)
 
Lorilamtei 2022.07.02
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්