leader s

කොළඹ කොටුව පරිශ්‍රයේ විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන් මේ වනවිට කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශ්‍රයට ඇතුළුවී ඇති බව වාර්තා වෙයි.


ඒ අනුව විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකරමින් සිටින බව වාර්තා වෙයි.

ගාලු මුවදොර අරගල භූමිය දෙසට මේ වනවිට කඳුළු ගෑස් ප්‍රහාර එල්ලවෙමින් ඇති බව වාර්තා වෙයි.

මහ බැංකුව අසල විරෝධතාවයේ නිරත පිරිසක් විසුරුවා හැරීම සඳහා එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාර එලෙස අරගල භූමිය වෙත පතිතවී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.



ජනාධිපති හමුදා මූලස්ථානයේ සැගවිලා



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට බත්තරමුල්ල හමුදා මූලස්ථානයේ සැඟවී සිටින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසන්නේ ජනාධිපතිවරයා අද දිනය ඇතුළත ඉල්ලා අස් විය යුතු බවයි.

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන බලකරමින් ජනාධිපති මන්දිරය අසල ප්‍රදේශවල වාඩිලාගෙන සිටින විරෝධතාකරුවන් සමග සිටිමින් මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.



ආරක්ෂක අංශ සාමාජිකයෝ දෙදෙනෙක් අරගලයට එක් වෙති



කොටුව බැංකු ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා භටයකු මීට සුළු මොහොතකට පෙර අරගලකරුවන් සමග එක් වී ඇතැයි වාර්තා වෙයි.

මෙම භටයා සිය ආයුධ හා හිස්වැසුම් පසෙක දමා නිල ඇඳුම සමඟම අරගල කරුවන්ට එක් වී ඇත.

මේ අතර මහරගම, හෝමාගම, පන්නිපිටිය ඇතුළු අවට ප්‍රදේශවල  පාගමනින් කොළඹ කොටුව බලා පා ගමනින් පැමිණෙද්දී  පොලිස් නිලධාරියෙකු ද සහය පළ කර ඇත.

යතුරු පැදියෙන් එම ස්ථානයට පැමිණි පොලිස් පොලිස් නිලධාරියා යතුරුපැදිය නවතා, හිස් ආවරණය ගලවා විසිකර අරගලයට ජය වේවා යනුවෙන් කෑගසමින් ඔවුන් සමග එක්ව ඇත.



ජනඅරගලයට සහාය දක්වා රටපුර විරෝධතා



පවතින ආණ්ඩුවට කොළඹ කොටුවේ පැවැත්වෙන ජන අරගලයට සහය දකවමින් රටපුරා විවිධ නගරවල විරෝධතා පැවැත්වේ.

ඇතැම් නගරවල කඩ සාප්පු වසා දමා ඇති අයුරුද දක්නට ලැබිණි. වතුකරයේ ජනතාවට සිය දෛනික රාජකාරිවලින් ඉවත්ව විරෝදතාව එක්ව සිටිනු අයුරු දක්නට ලැබිණි.

 

 

{gallery}Presidents House{/gallery}

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්