leader s

ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා ජුලි 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත

ඡන්දයට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

ජූලි 9 වැනිදා පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ පරිදි ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ අභිලාෂය වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම නිසා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පක්ෂය ලෙස අපේක්ෂකයෙකු නම් කළහොත් එම අභිලාෂය ඉටු නොවන බව එම නිවේදනයේ සඳහන්ය.

මෙම විශේෂ ප්‍රකාශය හරහා ඇති වී තිබෙන විශේෂිත දේශපාලන හා සමාජ තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නිල මතය හා ස්ථාවරය සහිත සය වැදෑරුම් ප්‍රකාශනයක් කර තිබේ.

‘සර්ව පාක්ෂික ආණ්ඩුවට අරගලකරුවනගේ පාර්ශවයට සක්‍රීයව දායක විය හැකි නීත්‍යනුකූල පිවිසුම් මඟක් කඩිනම් කරන්න යැයිද, නව රජය ස්ථාපිත වූ පසු සියල්ලන්ගේ යහපත වෙනුවෙන් රට තුළ නීතිය හා සාමය අකුරට ක්‍රියාත්මක වීම හා සියලු පුරවැසියන්ට නිදහසේ ජීවත් වීමට ඉඩ සැලසීම, සාමකාමී දේශපාලන වාතාවරණයක් ස්ථාපිත වීම, පවතින ආර්ථික තත්ත්වයන්ට ගැලපෙන ආර්ථික සහනයක් කඩිනමින් ලබාදීම හා ලංකාවේ අභ්‍යන්තර ස්වාධීනත්වයට සෘජුව හෝ වක්‍රව බලපෑම් කළ නොහැකි අයුරින්  රාජතාන්ත්‍රික දේශපාලන තත්ත්වයන් කළමනකරණය’ යන කරුණු එම ප්‍රකාශනයේ සඳහන් වේ.


po 2
po 1

{gallery}radicalcenter2022531{/gallery}

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්