leader s

දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුම අද (19) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විශේෂ සාකච්ඡාවක්

පවත්වමින් ප්‍රකාශ කළහ.

අද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එහිදී කියා සිටියේය.

අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වැදීමට තීරණය කර සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ මොහොතේ රටේ ජනතාවත් වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගත් බව පැවැසූ ඩලස් අලහප්පෙරුම මේ රටේ දේශපාලනයට සැබෑ නව සංස්කෘතියක් හඳුන්වා දීම වෙනුවෙන් කැපවන බව ද පැවසුවේය.

මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා දෙමින්, දහනව වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමත් රට ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් පෙරට රැගෙන යාමත් උදෙසා කැප වෙමින් මෙම තීන්දුව ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේය.

මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් මල් ඵල ගැන්වීම තමයි ඒකායන පරමාර්ථය බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ වෙනුවෙන් ඇප කැප වෙන බවද අවධාරණය කර සිටියේය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම උදෙසා පැවැත්වෙන ඡන්ද විමසීම හෙට පැවැත්වෙන අතර එහිදී සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සහයෝගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ලබාදීමට තීරණය කරනු ලැබීය. 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM


  

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්