leader s

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව පැවසීය.

සී.වී විග්නේෂ්වරන් ඊයේ (19) රාත්‍රීයේ රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කර ඇති අතර, එහි දී මෙම තීරණය ගෙන ඇත.

එසේම, ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාට තම ඡන්දය ලබා දෙන බව සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් පවසයි.

තමාගේ මෙම තීරණය පිළිබඳ තමා නියෝජනය කරන පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද දැනුවත් කළ බව අරවින්ද  කුමාර් සඳහන් කරයි



''ඩලස් ඡන්ද 130 කට වඩා ගන්නවා'' - රාජිත



නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා අද (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම ඡන්ද 130 කට වැඩි සංඛ්‍යාවක් ලබාගනිමින් ජයග්‍රහණය කරනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි. ඒ, 'ලංකා නිව්ස් වෙබ්' වෙත අදහස් දක්වමිනි.

ඡන්ද විමසීමට තව සුළු මොහොතක් තිබියදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසන්නේ, බිම් මට්ටමේ ජනතාවගේ හැගීම් ප්‍රකාශ කළ හැකි යෝජනාව ඇත්තේ තම පක්ෂයේ බවයි.

අද (20) උදෑසන 10ට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට නියමිත අතර, ඒ සඳහා සහභාගී වීමට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

"අද අපි දිනනවා. මේ වනවිට බහුතරය තිබෙනවා. ජනාධිපතිවරණයේ දී ලොකු වෙනසක් ජනතාව ඉල්ලනවා. ඒ වෙනස ඇති කළ හැක්කේ සජිත් - ඩලස් එකමුතුවෙන් පමණයි. පැහැදිලිවම පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නවා."  ඔහු අවධාරණය කළේය.
 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

  

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්