leader s


කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ගොඩනැගිලි ඇතුලත එක්රැස්වීම් සඳහා හෝ මුව ආවරණ අනිවාර්ය කර කොවිඩ් පීසීආර් පරීක්ෂණ පහසුකම් වහා ලබා දෙන ලෙස

වසංගතය මර්දනයේ නිරත ප්‍රමුඛතම සුව සේවක සංගමයක්  ඉල්ලා සිටි.

"නව COVID-Omicron ප්‍රභේදය ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය විවිධ නිවැරදිව හඳුනා ගැනීමට පහසු අපහසු ප්‍රභේදයකි."

ශ්‍රී ලංකාව තුල මේවන විට කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම අතිශය ලෙස සීමා කර ඇති බැවින් හා ඒ සදහා අත්‍යාවශ්‍ය ප්‍රතික්‍රීයක හිගකම හේතුවෙන් බරපතල ව්‍යාප්තියක් අපේක්ෂා කල හැකි බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ.

එසේම ප්‍රභේද පිළිබද පරීක්ෂණ සිදු නොකෙරෙන බැවින්, පැතිර යමින් තිබෙන ප්‍රභේද පිළිබදවද නිශ්චිතව කිව නොහැකි බවත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්  වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ මොහොතේ සෞඛ්‍ය සේවාව පවතින අවදානම්, අවිධිමත් සහ සැලසුම් සහගත නොවන වටපිටාව යටතේ, අවම තරමින් ගෘහස්ථ ඒකරාශී වීම් සදහා පමණක් හෝ මුඛ ආවරණ පැලදීම අනිවාර්ය නොකළහොත්, නැවත අති විශාල කොවිඩ් රැල්ලකට මුහුණදීමට සිදු වනු ඇති බවටත් වෘත්තියවේදියා අනතුරු අගවා සිටි.


"නව COVID-Omicron වෛරසයේ රෝග ලක්ෂණ ලෙස කැස්සක් හෝ උණට වඩා සන්ධි වේදනාව, හිසරදය, බෙල්ලේ වේදනාව, ඉහළ සිරුර පිටුපස වේදනාව, නියුමෝනියාව වැනි රෝග ලක්ෂණ ප්‍රකට බව පර්යේෂකයෝ පෙන්වා දෙති."


එම පර්යේෂණ වලට අනූව, මෙම ප්‍රබේදයේ හි භායානක බව, ඩෙල්ටා ප්‍රභේදයට වඩා පස් ගුණයකින් පමණ වැඩි වන අතර මරණ අනුපාතය ද ඩෙල්ටාවට වඩා වැඩි බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ.

එසේම රෝගය දරුණු ලෙස වර්ධනය වීමට අඩු කාලයක් ගත වන අතර සමහර විට පැහැදිලි රෝග ලක්ෂණ නොමැති බවත් රවී කුමුදේශ් වෘත්තිය සමිති නායකයා පෙන්වා දෙයි.

වෛරසය ප්‍රජාව තුළ පැතිරී පෙනහළු වලට කෙලින්ම ආසාදනය වන අතර, එය වෛරස් නියුමෝනියාවට තුඩු දී  පසුව උග්‍ර ශ්වසන පීඩනය ඇති කරනු ලබන බව පැවසෙන බවයි  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

"කරුණාකර ප්‍රවේශම් වන්න, ජනාකීර්ණ ස්ථාන වලින් වළකින්න, විවෘත ස්ථානවල පවා මීටර් 1.5 ක දුරක් තබා ගන්න, ද්විත්ව ස්ථර ආවරණයක් පළඳින්න, සුදුසු මුව ආවරණ පළඳින්න, සහ සෑම කෙනෙකුටම රෝග ලක්ෂණ නොමැති විට (කැස්ස හෝ කිවිසුම් යාම) වේලාව නිතර නිතර අත් සෝදන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රජයේ නීති එනතුරු නොසිට, ස්වයං ආරක්ෂාව සලසා ගන්න." එම නිවේදනයේ තව දුරටත් සදහන්ය.

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්