අරගලය ආරම්භයේ සිටම එහි පාර්ශවකාර සංවිධානයක් ලෙස ක්‍රියාකාරීව සිටින 'කළු තොප්පි ව්‍යාපාරය' (Black Cap Movement ) ගෝල්ෆේස් අරගල

භූමියෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

එසේම, අරගලය ගාලුමුවදොරින් ඔබ්බට ගෙන යන 'අරගලය 4.0' නමින් අලුත් මෙහෙයුමක් ආරම්භ කිරීමටද තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් 'කළු තොප්පි ව්‍යාපාරය' විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ. එහි සම කැඳවුම්කරුවන් වන විමුක්ති දුෂාන්ත හා හේමප්‍රිය කවිරත්න ද මහ ලේකම් අකලංක හෙට්ටිආරච්චි යන අයගේ අත්සනින් යුතුව එම නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.


කළු තොප්පි ව්‍යාපාරය අරගලය ගාලුමුවදොරින් ඔබ්බට ගෙන යන 'අරගලය 4.0' අරඹයි!


2022 මාර්තු මස 01 දා කොහුවල මං සන්ධියේ දී ඉටි පන්දම් දල්වමින් අප ඇරඹූ සාමකාමී අරගලය සඳහා මූලිකම හේතුව වූයේ ශ්‍රී ලංකාවේ සමාජ දේහය වසා පැතිරුණු ආර්ථික හා සමාජීය අර්බුදයත් එම අර්බුදය සඳහා විසඳුම් ලබාදීමට ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ අත්තනෝමතික පාලනය තුළින් අපොහොසත් වීමත් ය.

මේ හේතුවෙන් උඩුදුවන ලද ආර්ථික සමාජ අර්බුදය දේශපාලනික අර්බුදයක් දක්වා වර්ධනය වෙද්දී එතෙක් සමාජ මාධ්‍ය ඔස්සේ පැවති #GotaGoHome විරෝධය පුරවැසි විරෝධයක් ලෙස මහපාරට රැගෙන ඒම සඳහා අවිහිංසාවාදී නව අරගල මාදිලියක් හඳුන්වා දීමට අපට අවශ්‍ය විය. ඒ අනුව අවිහිංසාවාදී නිහඬ විරෝධතා අරගලයේ නව හැඩයක් ලෙස (Micro Protests) කොහුවලින් ආරම්භ කරන ලද අතර එය සීඝ්‍ර ලෙස අනෙකුත් පළාත් කරා ද ව්‍යාප්ත විය.

ආර්ථික සමාජ අර්බුදය හමුවේ සිය අභිලාශ යථාර්ථයක් කරගනු නොහැකිව ඉච්ඡාභංගත්වයට පත් පුරවැසියන්ගේ  සාමූහික අවිඥානය තුළ #GotaGoHome සටන් පාඨය යථාර්ථයක් කරනු වස් තිර අධිෂ්ඨානයක් ඇති කිරීමට, නගර ගම් දනව් පුරා පැතිර ගිය නිහඬ විරෝධතාවයන් ට හැකි විය.

එමෙන්ම මැයි 09 වන දාට පසුව එළඹි අරගලයේ දෙවෙනි වටය සඳහා ද 'කුස්සියේ විලාපය' විරෝධය තුළින් මධ්‍යම පාංතික කාන්තාවන් අරගලය කරා කැඳවීමට මෙම අවිහිංසාවාදී අරගල ආකෘතියට හැකිවිය.

 

අප්‍රේල් නව වනදා 'ගාලුමුවදොර' අරගලයේ සංඛේතීය ප්‍රකාශනය වූ පසුව ද අවිහිංසාවාදී අරගල ආකෘතියක් තුළින් පුරවැසියන්ට ලබා ගත හැකි ජයග්‍රහණ කෙතෙක් ද යන්න පිළිබඳව ලෝකයට බොහෝ උදාහරණ සපයා ඇති බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

 

මේ රටේ විධායක ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අපේ පරම්පරාව ආරම්භ කරන ලද ‘Gota Go Home’ අරගලය මේ වනවිට සංඛේතීයව ජයග්‍රහණය කර ඇත. ඒ අනුව ‘Gota Go Home’ සටන් පාඨය යථාර්ථයක් වී ඇත.

දැන් අපට ඉතිරිව ඇත්තේ 'Gota Go Home' නැමති සටන් පාඨය සමඟ අප එකඟ වූ අප්‍රකාශිත එකඟතාවයන් ජයග්‍රහණය කරවීමේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහා නව මානයක අවිහිංසාවාදී අරගලයක් ආරම්භ කිරීමයි.

අප්‍රේල් මස 12 වන දා සිට මැයි 12 වනදා වනතෙක් ගාලුමුවදොර අරගලභූමියේ පාර්ශව ගණනාවක් එක්ව සාකච්ඡාවට ගණනාවක් පවත්වා පුළුල් සංවාද ක්‍රියාවලියක් තුළින් එලිදක්වන ලද 'ගාලුමුවදොරින් ඔබ්බට' යෝජනා මාලාවේ එකී අප්‍රකාශිත එකඟතාවයන් සහිත අවම පොදු යෝජනාවලිය පැහැදිලිව සඳහන් කර තිබේ.

 

අපගේ අරගලය මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ එකී ප්‍රතිසංස්කරණයං දිනාගැනීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් සිවිල් සමාජය සහ දේශපාලන සමාජය සමඟ එක්ව පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් කරා යාමට අප අදහස් කරයි. එකී අරගලය අප 'අරගලය 4.0' ලෙස නම් කරමු.

 

ගාලුමුවදොර අරගලයේ සංඛේතීය ජයග්‍රහණය අප අත්පත් කර ඇති නිසා තවදුරටත් එම භූමිය තුළ හිඳිමින් අපට සිදුකල හැකි අරගලයක් නොමැති බව අපගේ විශ්වාසයයි.

මෙතැන් සිට අරගලය ඇත්තේ ගාලුමුවදොර කුඩා බිම්කඩක නොව පුළුල් සමාජ දේශපාලන අවකාශයක් තුළ බව අප දැඩිව විස්වාස කරමු.

එම නිසා එකී අරගලයට පණ පොවනු වස් ගාලුමුවදොර බිම්කඩ තුළ අපගේ දායකත්වය අදින් අවසන් කරන බව මෙයින් නිවේදනය කර සිටිමු.


Hope 2022.07.28




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්