leader s

'ජනපතිගේ දර්ශනය මගේ දර්ශනය හා සමානයි' - හර්ෂ

අලුත් රටක් ගොඩනැගීමට නම් සීමිත කාලයක් සඳහා සර්ව පාක්ෂික හෝ බහු පක්ෂ රජයක් පිහිටු විය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එසේ කළහොත් අනාගත පරම්පරාවට සාධාරණයක් ඉටු කිරීමට හැකි වන බව ද එම පණිවුඩයේ සඳහන් වේ.

ඉන්දු – පැසිෆික් ආර්ථික බල ප්‍රදේශය තුළ ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් ලෙස නවීන අපනයන ක්‍රියාවලියට නැඹුරු වූ තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් දක්වා දියුණු කළ යුතු යැයි ද ඔහු පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ වැඩසටහනට තමන් එකඟ බවත් එය තම දර්ශනය හා සමාන වන බවත් ඔහු එම ට්විටර් පණිවිඩයේ දක්වා තිබේ.

ඒ සඳහා විශාල ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බවත් මහ ජනතාව එකඟ කරවා ගැනීම ද කළ යුතු බවත් මන්ත්‍රීවරයා එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Harsha de 2022.08.04

(mawbima.lk)

 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්