leader s

22 වන පොදුරාජ්‍ය මණ්ඩ‍ලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමට කාන්තා මල්ලවපොර තරග ඉසව්වට එක්වූ නෙත්මි අහින්සා පෝරුතොටගේ ඊයේ  (05) සමත්වූවාය.

එම තරග ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම සඳහා තරග වැදුණු ඇය ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාව 10ට බින්දුවක් ලෙස පරාජය කරමින් මෙම පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නාය.


ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ නෙත්මි අහින්සා ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකාවාසීන් වෙත දැනුම් දී සිටියේ මෙසේය. 

                         

ශ්‍රී ලංකාව මේ වන විට රිදී පදක්කම් 1ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගෙන සිටියි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනට අනුව තවමත් පෙරමුණේ පසුවන්නේ ඕස්ට්‍රේලියාවයි.

ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 25 වන ස්ථානය යි.

මේ අතර කාන්තා දුර පැනීම ඉසව්වේ අවසන් තරගයට ලක්ෂිණි සාරංගි ඊයේ සුදුසුකම් ලබා ගත්තාය.

 

FB IMG 1659721135818nethm1i

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්