leader s

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් යටතේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමේ සූදානමක් පවතින බව ශ්‍රී ලංකා

පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් කියැවේ.

මේ පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ පුළුල් ලෙස සාකච්ඡා වෙමින් පවතින නමුත් එහි අවසන් තීරණයකට තවමත් පැමිණ නොමැති බව ද දැන ගන්නට ඇත.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්දයේදී තම පක්ෂය රනිල් වික්‍රමසිංහට සහාය පළකළේ අත්හදා බැලීමකට බවත් එම අත්හදා බැලීම මේ වන විට සාර්ථක වී ඇති බවත් පසුගිය දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ම පවසා තිබේ.

මෙම යෝජනාව පිළිබඳව අදහස් මේ වන විට පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙතද ඉදිරිපත් වී ඇති නමුත් ඔවුන් තවමත් අවසන් තීරණයක් ප්‍රකාශ කර නැතැයි ද වාර්තා වේ.

කෙසේ වුව ද මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව ද වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව සිටි පක්ෂ කිහිපයක් මේ වන විට පක්ෂයෙන් ඉවත් වී ඇති නිසා නව පක්ෂ එක් කරගනිමින් නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම පිළිබඳවද මේ වනවිට අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක් සිදුකර ඇත.

මෙම සාකච්ඡාවලදී ඉදිරි මැතිවරණ පිළිබඳව සාකච්ඡා වී ඇතැයි ද එහිදී වත්මන් ජනාධිපතිවරයා මේ වන විට රටේ අර්බුද විසඳීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් අනුමත කර තිබේ.

එම නිසා එළැඹෙන ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීම සුදුසු බව එම මන්ත්‍රීවරුන් පවසා ඇත.

කෙසේ වුව ද මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට ඉදිරියේදී පොදුජන පෙරමුණ සූදානමින් සිටින බව ද වාර්තා වේ.

(mawbima.lk)

 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්