leader s

බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් රැගත් නෞකාවක් අද (අගෝ. 13) රාත්‍රියේ කොළඹට

පැමිණෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව, එහි තත්ත්වය පරික්ෂා කිරීම සඳහා හෙට එහි සාම්පල ලබා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන් ම, මෙට්‍රික් ටොන් 120,000ක් අඩංගු දෙවන බොරතෙල් නෞකාව අගෝස්තු 23 සිට 29 දක්වා කාලය තුළ පැමිණෙනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කර ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ, අදාළ බොරතෙල් නෞකා දෙක ම රුසියානු බොරතෙල් වන අතර ඒවායෙහි පිරිපහදුව ලබන සතියේ මැද වන විට ආරම්භ කිරීමට නියමිත බව ය.

iusofg

මෙම බොරතෙල් නෞකාව මෙරට ගෙන්වනු ලබන්නේ ඩුබාහි ලියාපදිංචි කොරල් එනැජී (Coral energy) සමාගම විසිනි. එහි දේශීය නියෝජිතයා වන්නේ ප්‍රකට සුප්‍රීම් සැට් සමාගමයි.  

bnfu

මේ අතර රුසියාවෙන් මෙරටට අඩු මිලට ඉන්දන ගෙන්වන්නයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ වත්මන් රජයට ද දැඩි බලපෑමක් එල්ලකරමින් සිටියි.

කෙසේවුවද ඔහු විසින් යෝජනා කර ඇති රුසියානු සමාගමේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් මතුව තිබු ගැටළු කිහිපයක් මත රජයේ බලධාරීන්  ඒ සඳහා මෙතෙක් අනුමැතිය ලබාදී නොමැත.

කෙසේවුවද රුසියාවෙන් අඩු මිලට ලබාගන්නා බොරතෙල් ඩුබායි හරහා වැඩිමිලට ලංකාවට ආනයනය කරමින් තිබෙන බවට සමාජ මාධ්‍ය හරහා රජය වෙත බරපතල චෝදනාවක් එල්ලවෙමින් තිබේ.

dsrghdfty

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්