leader s

අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ කලාශිල්පී ජැක්සන් ඇන්තනි ගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලට ගොස් තිබේ.


ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී ගේ ඥාතීන් ද එහිදී හමු වී කතාබහ කර ඇති අතර ජැක්සන් ඇන්තනි සුවපත් කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙසද රෝහල් කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා ඇත.

ජැක්සන් ඇන්තනීගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම් වහාම තමන් දැනුවත් කරන ලෙස ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී ගේ බිරිඳ වෙත දැනුම්දී තිබේ.

වෛද්‍ය ප්‍රතිකාර සේම ආගමික හා ආධ්‍යාත්මික ආශිර්වාදයද ඉතා වැදගත් බැවින් ජැක්සන් ඇන්තනී ට සෙත් පතා ආගමික ආශිර්වාද වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලෙසද, ඊට සිය උපරීම සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ඇන්තනී ගේ පවුලේ සාමාජිකයින්ට ප්‍රකාශ කර ඇත.

ඉන් අනතුරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා හමුවූ ජනාධිපතිවරයා රෝහලේ අනෙකුත් රෝගීන්ට අවශ්‍ය, දැනට හිඟතාවය සහිත ඖෂධ කඩිනමින් සැපයීමට ක්‍රියාකරන බව පොරොන්දු වූ අතර දිවයින පුරා රෝහල් වල බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ගෙ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් ඇති බවද ප්‍රකාශ කර තිබේ.

රෝහලෙන් පිටතට පැමිණීමේදී ජනාධිපතිවරයා විසින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ සිටි රෝගීන්ගෙන්ද සුවදුක් විමසා ඇත. 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්