ලක්විජය තාප බලාගාරයට ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 44.5ක් ලබාදීමට

විදේශීය සමාගමට ලබාදී ඇති ටෙන්ඩරය සහිත ගිවිසුම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඕමල්පේ සෝභිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

එම පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන් වෙත කල් ලබාදී තිබේ.

ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ඩුබායි රාජ්‍යයේ පිහිටි 'බ්ලැක් සෑන්ඩ් කොමෝඩිට්ස්' සමාගම වෙත පිරිනැමීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර ඇත.

මෙම පෙත්සම අද (07) ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබුණි.

ඒ අනුව, මෙම පෙත්සම සම්බන්ධයෙන් දෙසතියක් තුළ සීමිත විරෝධතා ගොනු කරන ලෙසට වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම ඔක්තෝබර් 25 වනදා සලකාබැලීමට දින නියම කර ඇත.

ලක්විජය බලාගාරයට ගල්අඟුරු මෙට්‍රික්‌ ටොන් මිලියන 4.5ක් සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවා එය ඩුබායි රාජ්‍යයේ බ්ලැක් සෑන්ඩ් කොමෝඩිට්ස් සමාගම වෙත පිරිනැමීමට ලංකා ගල්අඟුරු සමාගම තීරණය කර තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කාර සෝභිත හිමියන් සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය ට පටහැනිව කටයුතු කරමින්, ටෙන්ඩර් පටිපාටියේ වගන්ති වෙනස් කරමින් අදාළ සමාගමට මෙම ටෙන්ඩරය පිරිනමා තිබෙන බව පවසයි.



ලියාපදිංචි ගල්අඟුරු සැපයුම්කරුවකු නොවන අදාළ සමාගම වෙත මෙම ටෙන්ඩරය පිරිනැමීම හේතුවෙන් රජයට අමෙරිකානු   ඩොලර් මිලියන 500 කට අධික පාඩුවක් සිදුවන බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.



එබැවින් මෙම ගල්අඟුරු ටෙන්ඩරය පිරිනැමීමට අදාළ ක්‍රියාවලිය  සහ ඊට අදාළ නිර්දේශ අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් සිදුකරන ලෙස බලධාරීන්ට නියෝග කරන මෙන් පෙත්සම්කාර සෝභිත හිමියන් අධිකරණයෙන් ඉල්ලා සිටී.

නීතිඥ සනත් විජේවර්ධන මගින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ ලංකා කෝල් සමාගම, එහි සභාපති ජගත් පෙරේරා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය, ගල් අගුරු මිලදී ගැනීමේ අමාත්‍ය මණ්ඩල කමිටුව, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බ්ලැක්සෑන් කොම්සිටි සමාගම ඇතුළු පිරිසකි.

මෙම පෙත්සමේ පළමු වගඋත්තරකාර සමාගම මෙරට තාප බලාගාරවලට ගල් අගුරු සැපයීමේ ප්‍රධාන සැපයුම් කරුවන් ලෙස සිටින බවත් මෙහි අයිතියෙන් සියයට 60 ක ප්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලයට හිමි බවත් පෙත්සමේ සඳහන් වෙයි .

ලක්විජය බලාගාරයට 10% ක ගල් අඟුරු මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පිහිටවනු ලැබූ බවත් මෙම ටෙන්ඩරය පෙත්සමේ 19 වන වගඋත්තරකරු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමට ප්‍රදානය ප්‍රදානය කර ඇති බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉකුත් 22 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු අතර මේ හේතුවෙන් ලාභදායී සහ උසස් තත්ත්වය ගල් අඟුරු ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ වාසිය අහිමිවී ඇතැයි ද පෙත්සමේ සඳහන් වෙයි.

මෙම සැපයුම්කරුවා ගල් අඟුරු ටොන් එකක් ඇමරිකානු ඩොලර් 295.22 මිලට නියම කර ඇති අතර එය පවත්නා වෙළෙඳපොළ මිලට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

එබැවින් මෙය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් බවත් සමස්ත ක්‍රියාවලියම නීතියට පටහැනි බවත් සඳහන් කරන පෙත්සම්කරු අදාළ ගිවිසුම බලරහිත කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්