1200 x 80 DMirror

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සහ වත්මන් වැඩබලන නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර උතුර) රොහාන් ප්‍රේමරත්න විසින් සිදුකළ බවට සැක කරන රුපියල් ලක්ෂ 75ක මූල්‍ය

අපරාධය පිළිබඳ කරුණු අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස් වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කර යවා ඇත.

පොලිස් ආරංචි මාර්ග හෙළිදරවු කරන ආකාරයට පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස් වෙත මෙම ස්ථාන මාරුව ලැබෙන්නේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වකවානුවේ අත්අඩංගුවට පත් වී සිටි නයිජිරියානු හා ශ්‍රී ලාංකීය උණ්ඩියල් ජාවාරම්කරුවන් පිරිසක් අරභයා අධිකරණයත් නොමග යවා කළ අකටයුත්තක් ගැන එවකට මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම් ජගත් අල්විස් විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් අනුව පොලිස්පති නියමයෙන් කළ විමර්ශනයක් හේතුවෙනි.

නීති විරෝධී ජාවාරමක යෙදුන මෙම උණ්ඩියල්කරුවන් සමග අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ ලෙස සැලකෙන රුපියල් ලක්ෂ 74ක් ඔවුන් වෙතම ලබා දී විමර්ශනය නිමා කිරීම සම්බන්ධව එම චෝදනාව ගොනු වී තිබිණි.

පොලිස්පති නියමයෙන් කළ මෙම විමර්ශනය සම්පූර්ණ කර සියලු තොරතුරු හෙළිදරව් කරගෙන විමර්ශන වාර්තාව පොලිස්පතිවරයා වෙත යොමු කර තිබිණි.

එමෙන්ම පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම නිලධාරියා සම්බන්ධ  විමර්ශනයක් සිදුකරන ලෙසත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හරහා විශේෂ පරීක්ෂණයක් කරන ලෙසත් එම විමර්ශන නිර්දේශවල සඳහන්ව ඇති බව ද වාර්තා වේ.

මෙම විමර්ශන ලිපිගොනු පොලිස්පතිවරයා වෙත භාර දී මාස හයකට අධික කාලයක් ගතවුණු පසුත් කිසිම පියවරක් ගෙන නොතිබිණ.

කෙසේ වෙතත් පසුගිය 05 දා සිදුකළ නිමා කළ විමර්ශනය සම්බන්ධව කරුණු අධිකරණයට වාර්තා කිරීමට වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා කටයුතු කර තිබිණ.

මෙම කරුණු වාර්තා කිරීම සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමත්න විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා වේ.

එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාව සිටි එන්.වී ලෝරන්ස් ධූරයෙන් පහ කර වහාම ක්‍රියාත්මකවන පරිදි ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට වෙත මාරු කර යවා ඇත.

එමෙන්ම මෙම විමර්ශනය සිදුකළ නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට නියම වී ඇතැයි ද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.


(lankasara.com)

PDF2022.09.10
 

                   ***************

කවුරුත් නොදකින - කවුරුත් නොලියන - කාගේ කාගේත් ඇත්ත -  කාටත් කලින් දකින.... 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය