2022 Road Safety World Series ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 10 සිට ඔක්තෝබර් 01 දක්වා අයි නාලිකාවෙන් නැරඹීමට මෙරට ප්‍රේක්ෂකයන්ට වරම් හිමි වේ.


ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ සහ වාර්තා පොත් අලූත් කළ පුරෝගාමී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පුනරාගමනයක් ලෙස හැඳින්විය හැකි මෙම T 20 තරගාවලිය ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ගේ ඉමහත් ආස්වාදයට හා ආකර්ෂණයට තුඩු දෙන්නක් ලෙස සැලකේ.

සචින් තෙන්ඩුල්කාර්, සනත් ජයසූරිය, බ්‍රයන් ලාරා, ජොන්ටි රෝඞ්ස් ඇතුළු ලෝක ප්‍රකට ක්‍රීඩකයින් තරගවදින මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පිළ මෙහෙයවන්නේ තිලකරත්න ඩිල්ෂාන්ය.

කෞෂල්‍ය වීරරත්න, මහේල උඩවත්ත, රමේෂ් සිල්වා, අසේල ගුණරත්න, වාමර සිල්වා, ඉසුරු උදාන, චාමර කපුගෙදර, චමින්ද වාස්, චතුරංග ද සිල්වා, චින්තක ජයසිංහ, ධම්මික ප්‍රසාද්, දිල්රුවන් පෙරේරා, ඩිල්ෂාන් මුණවීර, ඉශාන් ජයරත්න, ජීවන් මෙන්ඩිස්, නුවන් කුලසේකර, සනත් ජයසූරිය, උපුල් තරංග සහ තිසර පෙරේරා යන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වෙති.

ඔස්ට්‍රේලියානු පිළ ෂේන් වොට්සන්, නවසීලන්ත පිළ රෝස් ටේලර්, එංගලන්ත පිළ ඉයන් බෙල්, බටහිර ඉන්දීය කොදෙව් පිළ බ්‍රයන් ලාරා, දකුණු අප්‍රිකා පිළ ජෝන්ටි රෝඞ්ස්, බංගලාදේශ පිළ ෂදාත් හොසේන් සහ ඉන්දීය පිළ සචින් තෙන්ඩුල්කාර් විසින් මෙහෙයවනු ඇත.

සෑම තරගයකටම පෙර තරගය පිළිබඳ විශ්ලේෂණාත්මක සාකච්ඡාවක්  ක්‍රිකට් ක්ෂේත්‍රයේ  ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් ඉදිරිපත් කිරීමටද අයි නාලිකාව පියවර ගෙන ඇත.


1010419 road safety world series 2020WhatsApp Image 2022 09 10 at 6.36.32 PM 1 ***************

කවුරුත් නොදකින - කවුරුත් නොලියන - කාගේ කාගේත් ඇත්ත -  කාටත් කලින් දකින.... 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්