සනීපාරක්ෂක තුවාවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් වැඩිවිය පැමිණි දැරියන් ඔසප් කාලසීමාවේ දී පාසලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය
සමිති සන්ධානය පවසයි.

එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මේ බව කියා සිටියේ, ගුරු වෘත්තිය සමිති සමඟ ඒකාබද්ධව කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එම මාධ්‍ය හමුවට එක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ, පවතින ආර්ථික තත්වය මත පාසල්වල උදෑසන රැස්වීමේ දී ක්ලාන්ත වී ඇද වැටෙන සිසුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.





Screenshot 2022 09 14 at 10.56.05 AM

කාන්තා සනීපාරක්ෂාවටත් බද්දක්...


ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා යනු සුඛෝපභෝගී භාණ්ඩයකි. කාන්තාවන් දෙදෙනකු ජනාධිපති, අගමැති ධුර හෙබවූ රටක, කාන්තා මැති ඇමතිනියන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සහ කරන රටක, සනීපාරක්ෂක තුවායක් මිලදී ගත නොහැකි මේ රටේ බහුතර කාන්තාවන්ට සිදුව ඇත්තේ ඔසප් දිනවල සිය අවශ්‍යතාව රෙදි කෑලි ඇඳ පිරිමසා ගන්නටය.

ඛේදවාචකය එයම නොවේ. ඒ හා බැඳී මේ වන විට උද්ගතව ඇති, බරපතළ සමාජ සහ මානුෂීය ගැටලුවයි.

අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආර්ථිකය ගොඩ නඟන ශ්‍රම බලකායට කාන්තාවන් දක්වන දායකත්වය යන තුන් ආකාරයෙන්ම එකී ඛේදවාචකය පැතිර යමින් ඇත.

මෙවැනි පසුබිමක, සනීපාරක්ෂක තුවා නිෂ්පාදන සඳහා බදු පැනවීම පිළිබඳ පුළුල් ලෙස පර්යේෂණ කළ කාන්තාවන් තිදෙනකු සහ මේ ප්‍රශ්නයෙන් උග්‍ර ලෙස ලෙස පීඩා විඳින දුෂ්කර ගම්මානවල කාන්තාවන් නියෝජනය කරමින් කාන්තාවක සමඟ කතා බහ කළෙමු.


සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩයක් කිරීම තුළ, ශ්‍රී ලංකාවේ ගැහැනු දරුවන්ට සහ කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුව තිබෙන ගැටලු පිළිබඳ, පර්යේෂණ විශ්ලේෂිකාවක වන සත්‍යා කරුණාරත්න මෙසේ පැවසුවාය.

"ඇඩ්වොකාටා ආයතනය මේ පර්යේෂණය කරන අවස්ථාව වන විට ලංකාවේ සනීපාරක්ෂක තුවා සඳහා 101% කට වැඩි බද්දක් පනවා තිබුණා. වැට් බදු සහ තීරු බදුවල මෑත කාලයේ ඇති වූ වෙනස්කම් සලකා බලන විට, සනීපාරක්ෂක තුවා මත පනවා තිබෙන මුළු බදු ප්‍රමාණය 52% සිට 42.9% දක්වා අඩු වී තිබෙනවා. නමුත් ඒකත් ලොකු බද්දක්. සාමාන්‍යයෙන් දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා පැකට් එකක් දැන් 30% කින් විතර මිල ඉහළ ගිහින්. රටේ ආර්ථික තත්ත්වයත්, සනීපාරක්ෂක තුවාවල ආනයන හිඟයත් මෙයට ප්‍රබල හේතුවක්.

අපේ රටේ අවුරුදු 15-49ත් අතර වන කාන්තාවන් ප්‍රමාණය මිලියන 5ක්. ඒ ප්‍රමාණය ගණන් ගෙන බැලූ සමීක්ෂණයකින් සොයා ගත් කරුණු අනුව, ලංකාවේ period poverty හෙවත්, ඔසප් දරිද්‍රතාවෙන් පෙළෙන කාන්තාවන් ප්‍රමාණය 50%ක්. ඒ කියන්නේ, මේ රටේ ඔසප් වන වයසේ කාන්තාවන් සහ ගැහැනු දරුවන්ගෙන් 50% කටම සනීපාරක්ෂක තුවාවලට වියදම් කරන්න අමාරුයි. පවතින තත්ත්වය තුළ මේ ප්‍රතිශතය තවත් ඉහළ ගිහින් ඇති.

කොහොම වුණත්, 2019 සිට මේ ගැන කතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ සඳහා පනවා තිබෙන සාමාන්‍ය බද්ද අයින් කර තිබෙනවා. නමුත්, තවමත් PAL - 10%ක්, Cess- 15%ක් සහ VAT - 12%ක් එකතු වී දැන් 42% ක අගයකට පැමිණ තිබුණත්, එය වෙළෙඳපොළේ දරාගන්න බැරි මිලක් නිර්මාණය කරන බද්දක්. වැදගත්ම දේ, මේ ආනයන බද්ද මේ තරම් වැඩි කළත්, එයින් රජයේ ආදායමට විශාල වාසියක් ලැබෙන්නේ නැහැ.


FUe54b2XoAENWia copy 2 2019 අප කළ ඇස්තමේන්තුවලට අනුව රජය මේ ආකාරයට සනීපාරක්ෂක තුවාවලට පනවන ලද බදුවලින් අත්කර ගෙන තිබෙන්නේ, 0.005% ක් වැනි ඉතා සුළු ආදායමක් පමණයි. නමුත් ලංකාවේ මිලියන පහකට වැඩි කාන්තාවන්ගේ සෞඛ්‍යයට, එල්ල කර තිබෙන අහිතකර බලපෑම නම් ඊට සාපේක්ෂව අති විශාලයි..."


IREX හි සන්නිවේදන අධ්‍යක්ෂ, සමාජ ක්‍රියාකාරිනී අනුකි ප්‍රේමචන්ද්‍ර පැවසූයේ මෙවැනි අදහසකි.



" පිටරටවලින් ගේන සනීපාරක්ෂක තුවාවලට විශාල බද්දක් පනවන විට ඊට සමඟාමීව ලංකාවේ හදන නිෂ්පාදනවලත් ඒ තරමටම මිල ඉහළ දමනවා. දැන් තිබෙන ආර්ථික තත්ත්වය තුළ හතර දෙනකුගෙන් යුතු පවුලක FUe54b2XoAENWiaඅම්මටයි දූටයි පාවිච්චි කරන්න සනීපාරක්ෂක තුවා පැකට් දෙක තුනකට වියදම් කරනවාට වඩා, ගෙදර පරිභෝජනයට හාල් කිලෝ දෙකක් ගන්න පුළුවන් නේද කියා හිතෙන තත්ත්වයට රට පත්වෙලා.


ලංකාවේ කාන්තාවන් මිය යන දෙවැනි ප්‍රබල හේතුව ගැබ් ගෙළ පිළිකාව. ඔසප් දිනවල නිසි පිරිසුදුකමක් පවත්වාගෙන යන්නට නොහැකිව, සමහර විට විෂබීජ ශරීරගත වන ආකාරයට රෙදි කෑලි දිගු වේලාවක් ඇඳ ගෙන සිටීම වැනි, දුර්වල අයහපත් සෞඛ්‍ය පුරුදු නිසා ලිංගාශ්‍රිත රෝග සහ ගැබ්ගෙළ පිළිකාවලට මේ රටේ කාන්තාවන් ගොදුරු වනවා.


ඉතින් අපි Don't Tax My Period කියන උද්ඝෝෂණාත්මක වැඩසටහන හරහා උත්සාහ කරන්නේ, සනීපාරක්ෂක තුවාවල මිල අඩු කිරීමට රජයට බලපෑම් කිරීමට යි.

දෙවැනි කාරණාව තමයි, නැවත පාවිච්චි කළ හැකි reusable pads, ගෙන්වීමට හෝ ලංකාවේ නිෂ්පාදනය කිරීමට කටයුතු කරන්න කියන කාරණය.

සනීපාරක්ෂක තුවා මිල ඉහළ යෑම නිසා ගම්වල බොහෝ තරුණ දැරිවියන් පාවිච්චි කරන්නේ රෙදි කැබලි. වැඩි වේලාවක් ඔවුන්ට එසේ ඉන්න බැහැ. ඇඳුම්වල රුධිරය තැවරෙනවා. පාසලේදී සේදුවත් සුදු ගවුමෙන් ඒ ලේ පැල්ලම් යන්නේ නැහැ.පිරිමි ළමයි ඉදිරියේ මෙවැනි අවස්ථාවල ගැහැනු ළමයින් සිනහවට අපහාසයට ලක් වනවා.



මෙවැනි පසුබිමක ඈත ගම්වල ගැහැනු දරුවන් මාසෙකට දින හතරක් පහක් පාසල් එන්නේ නැහැ. අම්මලාත් කැමැතියි, ඒ දවස්වලට ගැහැනු දරුවෝ පාසල් නොයනවාට. හැම මාසෙම මේ දේ සිද්ධ වෙද්දී, ඒ ළමයින්ගේ අධ්‍යාපනයට විශාල ඍණාත්මක බලපෑමක් ඇති වනවා. ඒ වගේම, රජය ළමයකුගේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන අති දැවැන්ත මුදලින්, ඒ දරුවාටත් රජයටත් ප්‍රයෝජනයක් නැතිව යනවා.



ගැහැනු ළමයි විතරක් නෙවෙයි, එක දිගට වාඩි වී වැඩ කරන ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් මුහුණ දෙන්නේත් මේ ප්‍රශ්නයටමයි. වතුකරයේ ගිනි අව්වේ, තේ දලු නෙළන කාන්තාවන් මුහුණ දෙන්නේත් මේ ප්‍රශ්නයටමයි.

ඉතින් සනීපාරක්ෂක තුවාය කොහොමද, සුඛෝපභෝගී භාණ්ඩයක් වෙන්නේ. අද ඉතියෝපියාවේ පවා සනීපාරක්ෂක තුවා බදුවලින් නිදහස්. ඉන්දියාව, ස්වීඩනය වගේ රටවලත් එහෙමයි.



අපි කියන්නේ, මුදල් අමාත්‍යාංශයට පුළුවන් කාන්තාවන්ට මේ තරම් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන සනීපාරක්ෂක තුවාවල බදු අඩු කරන්න. මුදල් අමාත්‍යංශය ප්‍රධාන වගකීම දැරුවත් සෞඛ්‍යය සහ කාන්තා කටයුතු අමාත්‍යාංශයත් මේ සඳහා මැදිහත් විය යුතුයි.


මේ පිළිබඳ අදහස් දැක්වූ, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පර්යේෂිකා ලක්මිණී ජයතිලක මෙසේ පැවසුවා ය.


FUe54b2XoAENWia copy“2019 අවුරුද්දේ ඉන්දියාව තමන්ගේ රටේ කාන්තාවන් ගැන හිතලා, සනීපාරක්ෂක තුවා සඳහා වන බදු සම්පූර්ණයෙන් ඉවත් කළා. තායිලන්තයේ බදු 7%යි. පාකිස්තානයේ 12%යි. හුඟක් රටවල් දැන් මේ බද්ද අහෝසි කරමින් යනවා. රටක් ලෙස ඔවුන් තේරුම් ගනිමින් ඉන්නවා, මේ වගේ අත්‍යාවශ්‍ය දෙයකට බදු ගැසීමෙන් රටේ ආර්ථිකයටත් සමාජයටත් වන අහිතකර බලපෑම.

ලංකාවේ දැනට 80%ක් ම වෙළෙඳපොළ කොටස පවත්වාගෙන යන්නේ දේශීය නිෂ්පාදන ආයතනයක්. අඩු මුදලකට දෙන්න පුළුවන්කම තිබුණත් ඔවුන් පිටරටින් ගෙන්වන සනීපාරක්ෂක තුවා තරමටම මිල ඉහළ නංවමින් ඒකාධිකාරියක් පවත්වා ගෙන යනවා. මේ සඳහා පිටරටින් ගෙන්වන අමුද්‍රව්‍ය කිහිපයේ බදු අඩු කළා නම් නව සොයාගැනීම් සහිතව අලුත් නිෂ්පාදකයන් වෙළෙඳපොළට පිවිසේවි.





විශේෂයෙන් එන්ඩොමෙට්රියෝසිස් තත්ත්වයෙන් පීඩා විඳින ගැහැනු ළමයින් අධික රුධිර වහනයට පත්වනවා. මේ අය පැයෙන් පැයට වගේ සනීපාරක්ෂක තුවා මාරු කළ යුතුයි. නමුත් ඔවුන්ටම විශේෂිත ලෙස සැකසූ, වැඩි උරා ගැනීමක් සහිත සනීපාරක්ෂක තුවා අපේ රටේ නැතුවාට, ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා. මේ බදු නිදහස ලබා දෙනවා නම්, එවැනි නිපැයුම් සහිත වෙළෙඳපොළක් රට තුළ ගොඩනැඟෙනවා නම්, කාන්තාවන් ගැහැනු දරුවන් තමන්ට ගැළපෙන මිලට, ගැළපෙන දේ තෝරා ගනීවි...."



මොණරාගල වගුරුවෙල, හංසනී නිළුම්බිකා මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.


" මේ පළාතේ බොහෝ කාන්තාවන්, පැලවත්ත සීනි කම්හලේ උක් කැපීමට සහ කෙසෙල් වගා බිම්වල වැඩට යනවා. මේ අය වැඩ කරන්නේ තද අව්වේ. තියෙන දරිද්‍රතාවත් එක්ක මේ පළාත්වල ගැහැනු දරුවන්ටවත්, වැඩට Hansani Nilumbikaයන ඒ කාන්තාවන්ටවත් සනීපාරක්ෂක තුවා මිලදී ගන්නටත් වත්කමක් නැහැ. පුළුවන් කමක් තිබුණොත් අම්මලා දූලාට අරන් දීලා, ඒ අය රෙදි කෑලි අඳිනවා.

 නැවෙමින් දිගහැරෙමින් තද අව්වේ උක් කපනකොට කෙසෙල් වතුවල වැඩ කරනකොට මේ අය අපමණ වෙහෙසට පත්වෙනවා. ඒ අව්ව, රස්නය සහ වෙහෙස නිසාම ඔවුන් ගේ රුධිර වහනය වැඩිපුර සිද්ධ වෙනවා. ඒ අයට ඒවා මාරු කර ගන්න තැන් නැහැ.

බොහෝ විට ගැහැනු පිරිමි එකට වැඩ කරන්නේ. ඉතින් සෝදා පවිත්‍ර කරගන්න විදියකුත් නැහැ. ගෙවල්වල වුණත් මේ අය මේවා සෝදන්නේ වේළන්නේ පිරිමි දරුවන්ට නොපෙනෙන්න හංඟලා වගේ. ඉතින් තද අව්වේ වියළා ගන්න බැරි නිසා, රෙදි කෑලි නැවත අඳින විට දිලීර ආසාදන ඇති වනවා.

දරුවෙක් ලැබුණු අම්මෙකුට වුණත් එහෙමයි. සනීපාරක්ෂක තුවා මිල අධික නිසා මාස කිහිපයක් යනතුරු ඔවුන්ට සිද්ධ වෙන්නේ රෙදි කැබලිවලින් පිරිමසා ගන්න. බොහෝ ගෙවල්වල විදුලිය නැති නිසා අයන් කිරීමකුත් නැහැ. ඉතින් නැවත නැවත මේ රෙදි අඳිද්දි ඔවුන් දිලීර ආසාදනවලට ලක්වනවා.


මේක තමයි අපේ රටේ කාන්තාවන් බහුතරයක් සනීපාරක්ෂක තුවා නැතිකම තුළ විඳින සහ කවුරුවත් කතා නොකරන දුෂ්කර ඇත්ත. මේක මිල අඩු කරන්න පුළුවන් දෙයක්. පුළුවන්කම තියෙද්දි අදාළ අංශ ඒක නොකරන එකෙන් ලංකාවේ ගැහැනු නොදියුණු ගෝත්‍රික රටක ගැහැනු වගේ අපාදුක් විඳිනවා. එහෙව් රටක සනීපාරක්ෂක තුවාය සුඛෝපභෝගී භාණ්ඩයක් ලු..."


(උපුටා ගැනීම් -silumina.lk)



 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්