leader s

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක් පරිත්‍යාග කර ඇත.


අදාළ පරිත්‍යාගය ඊයේ (17) ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩාවලියේ පදක්කම්ලාභින් සිව් දෙනෙකු ඇගයීම වෙනුවෙන් සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිරිනමනු ලැබිණ.

මෙකී පරිත්‍යාගය සිදුවූයේ "මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ හිඟය නිසා රෝගීන් මුහුණදී ඇති තත්ත්වය පිළිබඳ සහ ඖෂධ හිඟය  පෙන්වා වැඩි මිලට හදිසි මිලදී ගැනීමේ සූදානම" සම්බන්ධයෙන් මාධ්‍ය විසින් සිදුකළ මාධ්‍ය මැදිහත්වීම හමුවේය.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් වැඩිදුර තොරතුරු විමසා තිබු අතර ඒ වෙනුවෙන් පරිත්‍යාගයක් සිදුකිරීමට ක්‍රිකට් ආයතනය සූදානම් බව ද සඳහන් කර තිබිණ.

මෙම මූල්‍ය පරිත්‍යාගය පිළිකා රෝගීන්ට ඖෂධ ආනයනය සඳහා වෙන්කිරීම ඇතුළු ඉදිරි කටයුතු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතව ඇත.

{gallery}C/N{/gallery}

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්