leader s

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (13) සමත් විය.



ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද පැවැත්වුණේ සිලෙට්හිදී ය.

කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 39කදී බිඳ වැටුණි.

අනුෂ්කා සංජීවනී ලකුණු 26කි.

නිලක්ෂි ද සිල්වා සහ හර්ෂිතා සමරවික්‍රම බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවේ තුන් වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් සමගින් ය.

නිලක්ෂි ලකුණු 14ක් රැස් කළ අතර හර්ෂිතා ලකුණු 35කි.

හසිනි පෙරේරා ලකුණු 13ක් රැස් කළේ ය.

නෂ්රා සන්ධු ලකුණු 17ට කඩුලු 3ක් දවාගත්තේ ය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 122ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි පකිස්ථානයේ මුල් පෙල කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 65කදී ය.

මුනීබා අලී ලකුණු 18ක් රැස් කළ අතර සිද්රා අමීන් ලකුණු 9කට දැවී ගියේ ය.

නායිකා බිස්මා මහරුෆ් සහ නයිඩා ඩාර් අතර පකිස්ථාන සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 42කි.

බිස්මා මහරුෆ් ලකුණු 42ක් රැස් කළේ ය.

පකිස්ථාන 5 වැනි කඩුල්ල ලකුණු 110දී බිඳ වැටීමත් සමග තරගය තියුණු ස්වරූපයක් ගත්තේ ය.

දක්ෂ පන්දු යැවීමක සහ පන්දු රැකීමක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ පකිස්ථානයට තරගයේ ජය තහවුරු කර ගැනීමට නොහැකිවිය.

තරගයේ අවසන් පන්දුවේදී ලකුණු 26ක් රැස් කරගෙන සිටි නයිඩා ඩාර් ලබා දුන් උඩ පන්දුව යොවුන් ක්‍රීඩිකා කවීෂා දිල්හාරිගෙන් ගිලිහුණේ ය.

කෙසේ නමුත් ගිලිහුණු පන්දුවෙන් දුවද්දී දැවී යාමකට පාකිස්ථානු ක්‍රීඩිකාවන් හසු කර ගැනීමට කවීශාගේ වේගවත් පන්දු රැකීමට හැකිවීමත් සමග ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයේ ස්ථානය තහවුරු විය.



පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 122 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා ක්‍රීඩා කළ පකිස්ථාන පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කළ හැකි වූයේ හැකි වූයේ ලකුණු 121 ක් පමණි. 

 

ඒ අනුව ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බංග්ලාදේශයේ සිලෙට්හිදී අනිද්දා පැවැත්වීමට නියමිතය.

xfggfr

''තරගයේදී ලොකු පීඩනයක් තිබුණා. මං හැම වෙලාවෙම මගේ පන්දු යවන්නන් විශ්වාස කළා. ඔවුන් හොඳ අත්දැකීම් තිබෙනවා. මට ඉන්නේ අත්දැකීම් බහුල පන්දු යවන්නන් පිරිසක්. විශේෂයෙන්ම ඉනෝකා, අචිනි සහ ඕෂධී හොඳින් පන්දු යැව්වා. කවීෂාත් ඒ වගේමයි. අපි පිතිකරු ලැයිස්තුවේ වෙනස්කම් කිහිපයක් වගේ පොඩි පොඩි දේවල් කළා. අපි සතුටු වෙනවා මේ ජයග්‍රහණය ගැන. මොකද ජයග්‍රහණය කියන්නේ ජයග්‍රහණයට. අවුරුදු 14කට පස්සේ අපි ආසියානු කුසලාන තරගාවලියක අවසන් තරගයට යන්නේ. එය කණ්ඩායමක් විදහට වගේම රටක් විදිහටත් ගොඩාක් හොඳ දෙයක්. කවීෂා කියන්නේ යොවුන් ක්‍රීඩිකාවක්. ඇය පීඩනයට හොඳින් මුහුණ දුන්නා. උඩ පන්දුව ගිලිහුණත් ඇයට පුළුවන් වුණා දුවද්දී දැවී යාමක් ලබා ගන්න. එය ඉතාම හොඳ දෙයක්.


vhgh

තරගයේ වීරයා කඩුලු 2ක් දවා ගත් ඉනෝකා රණවීරයි.

'' මං ගොඩක් සතුටුයි. ඒ වගේවම මට කියන්න ඕනේ මං මේ ලබා ගත්ත දේ මගේ කණ්ඩායමේ සහයෝගය. මං මේක ශෙයා කර ගන්න කැමතියි අචිනි කුලසූරිය එක්ක. පටන් ගත්ත දවසේ ඉදලා අපි කණ්ඩායමක් විදිහට ගොඩක් එකමුතුව හිටියා. මං හිතන්නේ ඒකේ ප්‍රතිඵලය තමයි මේක.''


ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය එක් දින තරගාවලියක් ලෙස ක්‍රියාත්මක වූ අවධියේ 2008 වසරේදී ශ්‍රී ලංකාව අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමෙන් අනතුරුව අවසන් තරගයකට පිවිසි පළමු අවස්ථාව මෙය යි.

( newsfirst.lk )
 
 cvxv

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්