leader s


සෑම බිම් අඟලකටම රජයේ ආරක්‍ෂක අංශවල රැකවල් ලා තිබෙන උතුරු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවන ආකාරය ගැන දෙමළ දේශපාලන සංවිධානයක් සැක උපදවා තිබේ.


මාස තුනක් තරම් කෙටි කාලයක් තුලදී මත්ද්‍රව්‍ය නිසා මරණයට පත්වූ උතුරේ සංඛ්‍යාව දහයකි.

ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි දැනට මත්ද්‍රව්‍ය භාවිතය නිසා රෝගාතුර වූ 140ක් පමණ යාපනය ශික්ෂණ රෝහලේ විශේෂ ඒකකයක ප්‍රතිකාර ලබති.

අධික ලෙස හෙරොයින් මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහිවූ සිය 15 හැවිරිදි පුත්‍රයා තමන්ට අවශ්‍ය නොවන බවට චුන්නාකම් හි මවක් විසින් පොලිසියට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව, ළමා අධිකරණයට ඉදිරිපත් කර අච්චුවේලි පුනරුත්ථාපන පාසැලට ඇතුලත් කර ඇත.  


''උතුරේ සෑම දහ දෙනකුට එක් භටයෙක් ලෙස විශාල හමුදාවක් යොදවා සිටියදී ඉතා භයානක ආකාරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම පැතිර යනවා. හමුදා හා පොලිස් බුද්ධි අංශ ඇස් වහලා මේ මත්ද්‍රව්‍ය එන්නේ කොහොමද කියලා සැක මතු වෙනවා,'' යැයි ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුනේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.


උතුරු පළාතේ තරුණ ප්‍රජාව ගොදුරු වෙමින් සිටින මත්ද්‍රව්‍ය උවදුර ගැන මාධ්‍යයට අදහස් දක්වමින් EPLF නායකයා පෙන්වා දෙන්නේ ජාවාරම් කරුවන් ගැන තොරතුරු හෙළිදරව් කිරීමට පවා ජනතාව බියක් දක්වන බවයි.

''කවුරු හරි තොරතුරු ලබා දුන්නොත්, ඉතාම ඉක්මනින් කවුද එහෙම කළේ කියලා ජාවාරම් කරුවන්ට තොරතුරු ලැබෙනවා. අපි දන්නේ නැහැ කොහොමද එහෙම වෙන්නේ කියා..''

EPLF නායක ප්‍රේමචන්ද්‍රන් ප්‍රශ්න කර සිටින්නේ මේ සම්බන්ධයෙන් පොලිස් හා හමුදා බුද්ධි අංශ නිසි අවධානයක් යොමු නොකරන්නේ ඇයි ද යන්නයි.

''මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුනු තරුණයන් දහස් ගණන් මුදල් දීලා ඒවා මිලදී ගන්න පෙළඹෙනවා. ඒ හින්දා සොරකම්, මංකොල්ල කෑම් වැඩි වෙලා.''


මත්ද්‍රව්‍ය බෙදා හැරීම, අලෙවිය හා ඒවා භාවිතයට ගැනීම ආදියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ලබා දෙන දඩුවම් ගැන මාධ්‍ය මගින් නිරන්තර වාර්තා කරන්නේ නම්, යම් ප්‍රමාණයකට මෙම උවදුරෙන් තරුණ පරපුර ගලවා ගත හැකි බවට EPRLF නායකයා විශ්වාසය පළකරයි.


මේ අතර  යාපනය, කල්වියන්කාඩු ප්‍රදේශයේදී ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් හාර සියයක හෙරොයින් සමඟ 36 හැවිරිදි තරුණයකු අඟහරුවාදා [11] අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කෝපායි, සෙල්වපුරම් වාසී 28 හැවිරිදි තරුණයෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුනේ හොරොයින් ග්‍රෑම් පහයි මිලි ග්‍රෑම් 400 ක් ඔහු සන්තකයේ තිබුණු බවට චෝදනා කරමිනි.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්