leader s

ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු සිදු කිරීම සඳහා රුසියාව විසින් එම්.අයි.ආර් (MIR) ලෙස හඳුන්වා දුන් 'මීර්' ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු පද්ධතිය හා එක්වීමට මෙම අවස්ථාවේදී නොහැකි බව ශ්‍රී ලංකාව නිල වශයෙන්

රුසියාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඇමරිකාව විසින් රුසියාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් මේ අවස්ථාවේ දී රුසියානු ජාත්‍යන්තර ගෙවීම් පද්ධතිය හා එක්විය නොහැකි බවයි.

බටහිර රාජ්‍යයන් රුසියාවට 2014 වසරේ දී සම්බාධක පැනවීමත් සමග මෙම ගෙවීම් ක්‍රමය හඳුන්වා දුන් අතර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග වීසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතය රුසියානුවන්ට අත් හිටුවිමත් සමග මෙම ගෙවීම් ක්‍රමය රුසියාවේ ප්‍රධාන ගෙවීම් ක්‍රමය විය.

රුසියානු ගෙවීම් පද්ධතිය වන එම්.අයි.ආර් සමඟ සම්බන්ධ වීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් මොස්කව් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, මහ බැංකු අතර සාකච්ඡාව සිදුවෙමින් පවතින බවත් පසුගිය මාසයේ වාර්තා විය.


රුසියානු මහ බැංකුව මගින් මෙම "මීර් කාඩ් ගෙවීම් ක්‍රමවේදය" හඳුන්වා දුන්නේ 2017 මැයි 01 වනදා යි. මේ වන විට මෙම ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු පද්ධතිය සමග චීනය ඇතුළු රටවල් කිහිපයක් රුසියාව සමග මූල්‍ය ගනුදෙනු සිදු කරන අතර මීර් හි ප්‍රධාන ගනුදෙනු ඒකකය වන්නේ රුසියානු රූබලයයි.


 කියුබාව, දකුණු කොරියාව, තුර්කිය, වියට්නාමය සහ පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ අතලොස්සක් එම්.අයි.ආර් ගෙවීම් පද්ධතිය දැනටමත් පිළිගෙන තිබේ.

මෙම පද්ධතිය හරහා රුසියාව සමග මූල්‍ය ගනුදෙනු සිදු කිරීමේදී අමෙරිකානු ඩොලර් ගෙවීමකින් තොරව එම ගනුදෙනු සිදු කළ හැකිය.

කෙසේ වෙතත් ලොව රටවල් රැසක් ම මෙම රුසියානු මීර් ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු පද්ධතිය සමඟ ගනුදෙනු කිරීමෙන් වැලළකී සිටින්නේ ඇමරිකාව විසින් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක වල යම් බලපෑමක් එම රටවලටත් ඇති වේ යැයි යන සැකය නිසාවෙනි.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්