leader s

හාම්පුතුන්ගේ සම්මේලනය අනුමත කර තිබෙන රුපියල් 15000 දීපාවලි අත්තිකාරම් මුදල සමාගම් විසින් ලබා නොදීමට එරෙහිව වතු කම්කරුවෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙති.


ආගරපතන වැවිලි සමාගමට අයත් බෙවර්ලි, මෝනින්ටන්, ඈට්ලි සහ පෝර්ට් මෝට් වතු වලට අයත් කම්කරුවෝ පෙරේදා [20] දිනයේ උද්ඝෝෂණය කරන්නට වුයේ සමාගම විසින් සිය දිපාවලි උත්සව අත්තිකාරම ලබා නොදීමට එරෙහිවයි.

තේ කම්හල ඉදිරිපිටට එක්වූ ඔවුන් පැය දෙකකට වැඩි කාලයක් උද්ඝෝෂණය කරමින් කියා සිටියේ හාම්පුතුන්ගේ සම්මේලනය රුපියල් 15000 ක අත්තිකාරම් මුදලක් අනුමත කර ඇති මුත් සමාගම විසින් රුපියල් 5000 ක් හෝ 10000ක් වශයෙන් ලබා දෙන බවට දැනුම් දී ඇති බවයි.

තමන් නිසි පරිදි වැඩ කර ඇති බැවින්, වැටුපෙන් අඩු කරගන්නා මෙම අතිකාරම් මුදල ලෙස රුපියල් 15000 ලබා දිය යුතු බවට ආගරපතන වැවිලි සමාගමට අයත් වතු කම්කරුවෝ පවසති.

වැඩි කරනු ලැබූ උත්සව අත්තිකාරම් ලබා දිය නොහැකි බවට සඳහන්  වතු පාලකයන්ගේ ප්‍රකාශ පිළිගත නොහැකි යැයි සඳහන් කරන කම්කරුවන් ප්‍රශ්න කර සිටින්නේ  දිනෙන් දින ඉහල යන ජිවන වියදම හමුවේ දීපාවලි සමරන්නේ කෙසේද යන්නයි. 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්