leader s

ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙක් ද? නැද්ද? යන තාක්ෂණික කාරනා සම්බන්ධයෙන් අවධානය යොමු නොකොට ඔහුව ලබන 16 දා ජනතා අධිකරණයේදී පරාජය කිරීම ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අරමුණ බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.

ගොඨබය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබදව ප්‍රශ්නය යලිත් දේශපාලන කරලියට පැමිණ ඇති අතර ඒ සම්බන්ධයෙන් අද (10) පැවති මාධ්‍ය හමුවට එක්වූ නීතීඥ අජිත් පී පෙරේරා හා නීතීඥ සුජීව සේනසිංහ ඉහත කාරණය අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ නීතීඥ අජිත් පි පෙරේරා අමාත්‍යවරයා මෙසේ පැවසිය.

''සජිත් ප්‍රේමදාස මහත්තයා ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන එතරම් තැකීමක් නැහැ. මොකද අපි ගෝඨාභය ජනතා අධිකරණයෙන් පරාජය කරනවා.

ජනතා ඡන්දයක් ඇති මොහොතක තාක්ෂණික ප්‍රශ්න මගින් ගෝඨාභය පරාජය කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ.
ඒවැනි මාර්ගයකින් ගෝඨාභය පරාජය කිරීම නුසුදුසුය කියලා සජිත් ප්‍රේමදාස ඇමතිතුමා හිතනවා.

නමුත් ජනතාව වෙනුවෙන් ඒ පිලිබදව පැහැදිලි කිරීමක් කරනවා. ගෝඨාබය ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැක්කේ, ශ්‍රී ලාංකිය පුරවැසියකුට පමණයි.

ගෝඨාබය ඇමරිකාවේ පුරවැසිභාවය ගත්තා, ශ්‍රී ලංකාවේ පුරවැසි පනත අනුව ශ්‍රී ලංකාවේ ඔහුගේ පුරවැසිභාවය අහිමි වුණා. ඔහු ලංකාවේ රාජ්‍ය නිලයක් දරන්න නම්, ඔහු ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන. ඔහු 2005 සහෝදරයා ජනාධිපති වුනයින් පස්සේ ලංකාවේ පුරවැසියභාවය ලබාගැනීමට අනුගමන කළ ක්‍රමවේදය වචංනිකයි.''

වීඩියෝ 
අජිත් පි පෙරේරා


''ගොට්ටෝ ජාතිකවාදය සහ ජාතිකත්වය අවුස්සමින්...''


මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නීතීඥ සුජීව සේනසිංහ ඇමතිවරයා මෙසේ සඳහන් කළේය.

''රාජපක්ෂවරුන්ගේ දෙබඩි පිළිවෙත අනුව, ජාතිකවාදය සහ ජාතිකත්වය අවුස්සමින් දේශපාලන බලය ලබාගැනීමේ ලොකු උත්සාහයක නිරතවෙනවා.

මහින්දානන්ද ප්‍රකාශ කර තියනවා, ගෝඨාබයට මුස්ලිම් ඡන්ද සියයට 10 ලැබෙන බවට වාර්තාවී ඇති බැවින් එය සියයට  25 දක්වා උස්සල දුන්නොත්, දළදා මාලිගාව අසලම මුස්ලිම් පාසැලක් ලබාදෙනවා කියලා ගෝඨාබය  පොරොන්දු වෙලා තියනවා කියලා 

ඒවාගේම හිස්බුලලටත් පොරොන්දු වෙනවා කාත්තන්කුඩියේ, වෙනම නගර සභාවක් ඇතුළු අයිතිවාසිකම් ලබාදෙනවා කියලා.

පාස්කු ප්‍රහාරය සිදු වුනේ සහරාන්ලාගේ වරදින් නොවෙයි කියලා මහින්ද රාජපක්ෂ දැන් කියනවා.ඒක තමයි රාජපක්ෂවරුන්ගේ දෙබඩි පිළිවෙත.

රාජපක්ෂවරුන්ගේ මිනීමැරුම්, මංකොල්ල කෑම්, හොරකම් ඉතා පැහැදිලියි. සජිත් වාස් ගුණවර්ධන ෂැන්ග්‍රීලා හොටලේ ගනුදෙනුව පිටුපස කතාව හෙලිදරව් කර තියනවා. කොමිස් මුදල් ලබා ගත්තේ කොහොමද කියලා හෙලිදරව් වී තිබෙනවා.

කොම්පඥවීදියේ නඩුව සම්බන්ධයෙන් ටාටා ඒක මගින්, ඩොලර් මිලියන 5 සිංගප්පුරුවේ තැන්පති කරලා කියා අපට තොරුතුරු ලැබිලා තියනවා.


වීඩියෝ 
සුජීව සේනසිංහ

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්