leader s

ජාතික ජනබලවේගයට ඡන්දයක් ප්‍රකාශ කරන්න කැමති ඕනෑම අයකුට වෙනත් අපේක්ෂකයකුට දෙවැනි මනාපය ප්‍රකාශ කිරීමට අයිතියක් ඇතැයි ජාතික ජනබලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

''ජවිපෙ දෙවෙනි මනාපය තවත් පාර්ශවයකට ලැබෙනවා කියලා විවිධ කැම්පේන් යනවා. එවැනි දේකට ජවිපෙ යම්කිසි ඉඟියක් පළකරලා තියෙනවාද?'' දැයි 'හිරු' රුපවාහිනී නාලිකාව සමග පැවති සංවාදයක දී මාධ්‍යවේදී සුදේව කළ විමසීමකදී ජවිපෙ නායකයා එබව සඳහන් කළේය.

එම කාරණය තවදුරටත් පැහැදිලි කළ අනුර දිසානායක මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

''අපිට දේශපාලනික ලෙස පූර්ණමය වශයෙන් එඟක කෙනෙකුට කිසිසේත්ම අර කඳවුරු දෙකෙන් එකකට මනාපයක් ලබාදීමට හැකියාවක් නැහැ. ඒ මොකද ඇත්තටම ඒ පාර්ශවයට කතිරය ගහන කෙනෙකුට නම් තව කෙනෙකුට මනාපය දෙන්න පුළුවන්. වේදිකාව ගත්තත් එක ඡන්දයකදී මේ වේදිකාවේ හිටපු අය අද ඒ  වේදිකාවේ. ඒ නිසා මම හිතන්නේ ඇත්තටම වැරදිලා ගැහෙන්නත් ඉඩ තියෙනවා. සමහරවිට පැනපු පැනිල්ල මතක නැතිවෙන්නත් පුළුවන් මේ සැරේ ඉන්නේ කා ගාවද කියලා. 

ඒ නිසා ඒගොල්ලන්ට හුවමාරු කරගෙන ගහන්නත් පුළුවන්. අපිට ගහන කෙනෙකුට ඒගොල්ලන්ට මනාපයක් දෙන්න හැකියාවක් නැහැ. 

''අපි ඒකට බාදා කරන්නේ නැහැ'' 

නමුත් පිටස්තර කණ්ඩායමක් ඉන්නවා ඒගොල්ලෝ ජාතික ජනබලවේගයට ඡන්දයක් ප්‍රකාශ කරන්න කැමතියි. කැමති ගමන් ඒ කඳවුරු දෙක දිහා බලමින් මෙයා ආවොත් මෙහෙම වෙයිද අරය ආවොත් මෙහෙම වෙයිද කියලා අපේක්ෂාවක් තියෙනවා. ඒක වළක්වාගැනීම සඳහා ඒගොල්ලන් මනාපයක් පාවිච්චි කිරීමේ යම් අදහසක් ඉදිරිපත් කරමින් සිටිනවා. 

අපි ඒකට බාදා කරන්නේ නැහැ ඒක ඒ කෙනාගේ අයිතිය මේ මැතිවරණ ක්‍රමය ඇතුලේම  ඡන්දදායකයන්ට අවස්ථාවක් ලබා දීලා තියෙනවා මනාපයක් පාවිච්චි කරන්න.

 ඒ මනාපය පාවිච්චි කිරීමේ පූර්ණ අයිතිය තියෙනවා අපි ඒ අයිතිය කිසිසේත්ම බැහැර කරන්නේ නැහැ. නමුත් අපි හිතනවා අපිට සෘජුව එකඟතාවයෙන් සිටින කණ්ඩායමට කිසිසේත්ම ඒ දෙකෙන් එකකට මනාපය පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ.''


සබැඳි පුවත් :
අනුරට ඡන්දය දෙන අයට තවත් අවස්ථාවක්: දෙවැනි මනාපය ගෝඨාබයට එරෙහිව (VIDEO)

                           

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්