සිය පුරවැසිභාවය පිලිබඳ සහතිකයක් යයි කියමින් ගෝඨාබය රාජපක්ෂ මැතිවරණ කොමිසම් සභාවට කඩදාසියක් පෙන්වූ බව සැබෑ නමුත්, එහි ඇති කරුණුවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව කොමිෂන් සභාව උනන්දු නොවූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසිය.
ඔහු එබව පැවසුයේ, ගෝඨාබය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ සහතිකය මැතිවරණ කොමිසම් සභාවට පෙන්වා ඇති බවත්, එය මැතිවරණ කොමිසන් සභාව විසින් පිළිගත් බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රි පසුගියදා මාධ්‍ය හමුවකදී කර තිබු ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදීය.
අගෝස්තු මාසයේදී ගෝඨාබය රාජපක්ෂ, අලි සබ්රි හා තවත් නීතිඥයකු කොමිසමට පැමිණ තිබු බවත් එහිදී පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෝඨාබය රාජපක්ෂ පැවසු බවත්, ඔහු යම් කඩදාසියක් පෙන්වූ නමුත් එය බාර ගැනීමක් හෝ පිළිගැනීමක් කොමිසන් සභාව විසින් නොකළ බවත් එම කඩදාසිය ගැන උනන්දුවක් නොදැක්වූ බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසිය.
''අපෙන් එන්ඩෝස් කරගත්තයි කියන්නේ මක්කටෙයි'' 
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. එහි මෙසේ සඳහන් වේ.
''මට කතා කරලා කිව්වා හම්බවෙන්න පුළුවන්ද කියලා අගෝස්තු මාසේ සඳුදා දවසක්, අන්තිම සුමානේ. අපි කිව්වා ඔව් පුළුවන් හම්බවෙන්න පැමිණෙන්න කියලා. පැමිණ සිටියා, හමුවුණා. ඇත්තටම අපි බොහෝ දේවල් කතා කරා. මොකක්ද වලංගු නාමලේඛණය, ඡන්ද නීති, සුදුසුකම් නුසුදුසුකම්, ඔය ඔක්කොම කතා කරනකොට ද්විත්ව පුරවැසිභාවය ගැන කතා කරනකොට අපිට සහතිකයක් පෙන්නුවා. මම අතට ගත්තා අරගෙන සර්ට දුන්නා සර් අතට අරගෙන බලලා ප්‍රෙෆෙසර්ට දුන්නා. ප්‍රොෆෙසර් දෙපැත්ත පෙරළලා ආපහු අතට දුන්නා.
ඕන නම් මගේ අතේ තත්පරය තිහක් මිනිත්තුවක් තියෙන්න ඇති, සර්ගේ අතේ මිනිත්තුවක් තියෙන්න ඇති, ප්‍රොෆෙසර්ගේ අතේ මිනිත්තුක් දෙකක් තියෙන්න ඇති. ප්‍රොෆෙසර් ඩුවෙල් සිටිසන්නේ. කවුරුවත් ඕක ඔතනට අවශ්‍යද නැද්ද කියලා සහතිකයක් දුන්නේ නැහැ. අපේ මතය වී ආ නොට් ඉන්ටරෙස්ට්. අපිට උවමනාවක් තියෙන්නේ නාමයෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට පනතෙන් දීලා තියෙන වගන්තිවලට අදාළ නම් පමණයි.
නාමයෝජනා දීමේදී ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නෙවෙයි ද්විත්ව පුරවැසිභාවය කියන්නේ. ද්විත්ව පුරවැසිභාවය කියන එක හේතුවක් විදිහට පනතේ දක්වලා නැහැ. හැබැයි ඒක නුසුදුසුකමක්. නමුත් ප්‍රතික්ෂේප කිරීමට අපට බලයක් නැහැ. ඒක උසාවියෙන් කරන්න ඕනේ දෙයක්.
අපි කනගාටු වෙනවා යම්කිසි කෙනෙක් පුරවැසිභාවය ගැන චැලෙන්ජ් කරාම මේක අපට ගෙනල්ලා පෙන්නලා අපිව ඈඳලා ඒක හරියි කියලාපෙන්නන්න හදන එකට. ඒක තියෙනවා නම් ඒක පෙන්නුවාම ඉවරයිනේ. අපිට පෙන්නුවායි අපෙන් එන්ඩෝස් කරගත්තායි කියන්නේ මක්කටෙයි. අපි එන්ඩෝස්මන්ට් එකක් කාටවත් දීලා නැහැ.''
ප්‍රශ්නය :
''එෆිඩෙවිට් එක පබ්ලිෂ් කරාට පස්සේ ඒකයි අලි සබ්රි මහත්මයා ඔහුගේ ෆේස්බුක් එකේ දාපු එෆිඩෙවිට් එකයි පරස්පර විරෝධියි.'' .
පිළිතුර:
ඉතින් අපිට මොකද? අපි අපිගාව තියෙන එක දාලා තියෙන්නේ. ඒක පරස්පරයක් නම් එතුමා බොරු කරලා තියෙනවා. ඒක අපිට අදාළ නැහැ. අපි අලිසබ්රි මහත්මයාගේ දේවල් හොයන්නම යන්නේ නැහැ.
ප්‍රශ්නය:
ඔබතුමා එක්ක කතාකරපු සංවාදය ඔබතුමාගේ අවසරයක් ඇතිවද රෙකෝඩ් කරේ සහ මාධ්‍යට මුදා හැරියේ ....
පිළිතුර :
නෝ කමෙන්ට්ස්
වීඩියෝ







