leader s

රූපවාහිනි සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන අසංග ජයලත් පත් කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් එම පත්වීම සිදුකර ඇත.


ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිධාරියකු වන මොහු, ඩිජිටල් යුගයේ දැන්වීම් නිර්මාණකරුවෙකු මෙන්ම සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයෙකු ද වේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක මාධ්‍ය සම්බන්ධිකරන ලේකම්වරයකු ලෙස සේවයකර ඇති අසංග ජයලත්, ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන ගණනාවක දැන්වීම්කරණ කටයුතු සම්බන්ධයෙන් සිය දායකත්වය සපයා ඇත.

cia.lk වෙබ් අඩවියේ සංස්කාරකවරයා වන මොහු, සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සහ ඒ හා බැඳුණු දැනුම සහ තාක්ෂණය පිළිබඳව විදේශ රටවල් ගණනාවකම පුහුණු වැඩසටහන් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට සහභාගීවී අත්දැකීම් ලැබුවෙකි.

අසංග ජයලත්ගේ පත්වීම සම්බන්ධයෙන් සුබ පතමින් රුපවාහිනියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අජන්ත සෙනවිරත්න සිය ෆේස්බුක් පිටුවේ පහත සටහන පළකර ඇත.

Ajantha 2022 FB

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්