leader s

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ශාෆ්ටර් ගේ අභිරහස් මරණය ඝාතනයක් නොව ඔහු විසින් සිදුකරගත් සියදිවි නසාගැනීමක් දැයි ? සැකය මේ වන විට විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි පොලිස්

ආරංචි මාර්ග සඳහන් කරයි.

එලෙසම සභාපතිවරයා සිය නැන්දම්මාට (බිරිඳගේ මවට) ලියන ලද ලිපියක් කෙරෙහිද විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමුවී ඇති අතර "මේ වගේ හොඳ දුවක් හදලා මට ලබාදුන් අම්මාට බොහොම ස්තුතියි" , ආදී වශයෙන් හැඟීම්බර අදහස් අඩංගු කර ලියන ලද ලිපියක් සම්බන්ධයෙන් සහ ඇයට යවන ලද එම අදහස් ද සහිත කෙටි පණිවිඩයක් සම්බන්ධයෙන් තොරතුරු සොයා විමර්ශකයන්ගේ අවධානයද යොමු වී ඇත.

 

දිනේශ් ශාෆ්ටර් ගමන් ගත් මෝටර් රථයේ කිසිවකු ගමන් නොකළ බවට සක් සුදක්සේ සි.සි.ටි.වි. දර්ශනවල පැහැදිලි සාක්කි ඇතත් එහි තිබූ කිසියම් දෙයක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

දිනේශ් ශාෆ්ටර් සිය බිරිඳ සමග එංගලන්තය බලා යාමට හෝරා කිහිපයක් තිබියදී බොරැල්ල සුසාන භූමියේ මෝටර් රථය තුළ ඔහුගේ දෙඅත් පටියකින් බැඳි තිබූ අතර ගෙල වයරයකින් සිරවී තිබියදී විධායක නිලධාරීවරයකු සුසාන භූමියේ සේවකයකුගේ සහයෙන් රෝහල් ගත කරනු ලැබීය.

අනතුරුව එදිනම පැය පහයි කාලකට පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ඔහු ජීවිතක්ෂයට පත්විය.

ඔහුගේ මෝටර් රථය ස්ථානගත කර තිබූ ස්ථානය පිළිබඳ විමර්ශකයන්ගේ අවධානය දැඩිව යොමුවී ඇති අතර සුසාන භූමියේ අනාථ පැත්තේ යැයි හඳුන්වන එම ප්‍රදේශය පැති තුනකින් ආවරණය වන ස්ථානයක් බවට හඳුනාගෙන ඇත.

සමාගම් කීපයක හිමිකරුවකු වන දිනේෂ්  ශාෆ්ටර් සිදුකරන ලද ව්‍යාපාර කටයුතුවල ට රුපියල් කෝටි ගණනාවක් මුදල් ආයෝජනය කළ ද එකී මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ලබා ගැනීමට නොහැකි වීමෙන් ඔවුගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇතැයි ද නුවරඑළිය ප්‍රදේශයෙන් මිලදී ගත් රුපියල් කෝටි 300 ක් පමණ වටිනා ඉඩමක් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබීමත්, යාපනය ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධවී සිදු කළ ව්‍යාපාරයකට ආයෝජන කළ කෝටි 85 ක මුදලක් නැවත ඔහු වෙත නොලැබීමත්, ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා වෙත ලබා දුන් රුපියල් කෝටි 160 ක මුදල සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය සහ තවත් කෝටි ගණනාවක ව්‍යාපාරික ගනුදෙනු වලින් රුපියල් කෝටි 2000 පමණ ඔහුට පාඩු සිදුවී ඇති බවද පවුලේ සමීපතමයන්ගේ ප්‍රකාශවලින් මේ වන විට අනාවරණය වී ඇත.

තවද ඔහු පදිංචිව සිටින කුරුඳුවත්ත මල් පාර නිවස විකිණීම සඳහා පුවත්පතක දැන්වීම් පළ කර තිබූ බවත් පවුලේ සමීපතමයන් ගේ ප්‍රකාශවලින් ද අනාවරණය වෙමින් පවතී.

දිනේෂ් ශාෆ්නර්ගේ අභිරහස් අබිරහස් මරණය සම්බන්ධයෙන් පවුලේ සමීපතමයන් කිහිප දෙ‍ෙකු ඇතුළු පුද්ගලයන් 70කින් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර සීසීටීවී දර්ශන 70 ක පමණ දර්ශන පරීක්ෂාවට ලක් කර ඇතැයි ද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

(lankadeepa.lk)

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්