leader s

ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක 21 හැවිරිදි විජයකාන්ත් වියස්කාන්ත් බංග්ලාදේශයේ පැවැත්වෙන බංග්ලාද්ශ ප්‍රිමියර් ලීග් තරගාවලියට (BPL) ක්‍රීඩා කිරීමට තෝරාගෙන

තිබේ.

ලබන මස පැවැත්වෙන තරගාවලියේදී ඔහු චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් කණ්ඩායම සමඟ එක්වීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇත. එම කණ්ඩායමට එක් වන දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා විජයකාන්ත් වන අතර, ඉන් පෙර තුන් ඉරියව් ක්‍රීඩක අශාන් ප්‍රියංජන් ද එම කණ්ඩායම සමඟ එක් විය.

මෙවර එල්පීඑල් තරගාවලියේදී පන්දු යැවීමෙන් දස්කම් පෙන්වූ විජයකාන්ත් එහිදී තරග 8ක් ක්‍රීඩා කරමින් කඩුලු 13ක් දවා ගත්තේ තරගාවලියේ කඩුලුලාභීන් අතර සිවුවැනි ස්ථානයට පත් වෙමිනි.

ඔහු තරගාවලියේ නැඟී එන ක්‍රීඩකයා ලෙස ද සම්මාන දිනා ගත්තේය.

කණ්ඩායම් 7ක් එක් වන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ 9 වැනි අදියර ලබන මස 5 වැනිදා සිට පෙබරවාරි මස 16 වැනිදා දක්වා පැවැත්වේ. මේ තරගාවලියට ඇතුළත් මුළු තරග සංඛ්‍යාව 46කි.


PSX 20201205 025101


අලුත් අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගීවෙන මුල්ම තරඟාවලිය ඉන්දියානු කණ්ඩායම එක්ක ඊයේ (03) පැවැති අතර එහිදී ඉන්දිය කණ්ඩායමට තියුණු ජයක් හිමිවිය.

පන්දුවාර විස්සයි විස්ස තරඟ 3ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 3කින් සමන්විත මේ තරඟාවලිය ජනවාරි 13 වෙනතෙක් ඉන්දියාවේදී පැවැත්වේ.

ඒ කාරනා ගැන Sports with Himashi විග්‍රහයක්.. පහත වීඩියෝව බලන්න.

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්