තමන් නීතිගරුක පුද්ගලයෙක් බවත් ඒ නිසා තමන් ජාතිවාදියෙක් ලෙස හැදින්වීම සම්පුර්ණයෙන්ම වැරදි සහගත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටියි.


ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම වතාවට ඉන්දියාවේ BharatShakti.in and SNI  මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කතෘ Nitin A. Gokhale සමග පැවති සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

" එය පසුගිය යුධ සමයේදී ඇති කරන ලද වැරදි වැටහීමක්. මම වසර 20 ක් යුධ හමුදාවේ සේවය කරනු ලැබුවා. මම ත්‍රස්තවාදයට එරෙහිව හමුදා නිලධාරියෙක් ලෙස සටන් වැදුනා. පසුව මම යුධ හමුදාවෙන් විශ්‍රාම අරන් වසර 12 ක් අමෙරිකාවේ විදෙස් ගතව ජිවත්ව සිටියා. පසුව මම නැවත මේ රටට ආවේ ආරක්ෂක ලේකම්වරයා ලෙසයි. ජනතාව මාව හඳුනා ගනු ලැබුවේ ආරක්ෂක ලේකම්වරයා ලෙසයි. ඒ හේතුවෙන් මම ඒකාධිපතියෙක් කියා මිනිසුන් සිතෙනවා වෙන්න පුළුවන්.

 මම විනයගරුක පුද්ගලයෙක්. එයින් මාව හදුන්වන්න බැහැ මම තවත් ප්‍රජාවකට එරෙහිව සිටිනවා කියා. මම ජාතිවාදියෙක් නොවෙන බවට මාගේ ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. මම සේවය කරන්නේ සමාජයේ එක් කොටසකට පමණක් නොවෙයි. රට සංවර්ධනය කිරීමට, රට ගොඩනැගීමට මා සමග එක්වෙන්න කියා ද්‍රවිඩ සහ මුස්ලිම් ප්‍රජාව ඇතුළු සෑම කෙනෙකුටම මා ආරාධනා කළා. අපේ රට යළි ගොඩනැගිය යුතුයි. GR text 2019.11.25

''මගේ ගමනට බාධාවක් නොවන්න''

විපක්ෂයට මාව ඒකාධිපතියෙකු ලෙස පෙන්විය හැකිය. මගේ ක්‍රියාවෙන් මා කවුරුන්ද කියා මිනිසුන් දකිනවා ඇති. ඒවගේම මා සමග එක්වන්න කියා ඔවුන්ට පවසනවා. විශේෂයෙන්ම මාධ්‍යට මා කියනවා ඔවුන්ට විවිධ කටකතා සහ අසත්‍ය ප්‍රචාරයන් සිදුනොකරන්න කියා. මාව තේරුම් ගන්න, මට කතා කරන්න. මාව මුණගැසී මා කුමක්ද කරන්නේ කියා ඔවුන්ට හැකියි ඒ ගැන අවබෝධයක් ගන්න. ඔවුන්ට පුලුවන් ඒ සම්බන්ධයෙන් නිවැරදි චිත්‍රය අනෙක් අයට ලබා දෙන්න. මෙය කුඩා රටක්, රට සංවර්ධනය කරන්න ඔවුන් අපට උදව් කළ යුතුයි. මගේ ගමනට බාධාවක් නොවන්න. එයින් කිසිදු අයෙකුට උදව්වක් වන්නේ නැහැ" 

ඒ අතරම, මට අවශ්‍ය වන්නේ විශේෂයෙන් විදෙස් මාධ්‍යට කියන්න කැමති මේ දේ. කටකතා සහ අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන්න එපා. මාව තේරුම් ගන්න. ඔබලාට පුළුවන් මට කතා කරන්න. මාව මුණගැසී මා කරන්නේ කෙසේද, මා වැඩ කරන ආකාරය සහ නිවැරදි පින්තූරය ලබා දෙන්න. එය කුඩා රටක්, සංවර්ධනය වෙමින් පවතින රටකි; මිනිසුන් අපට උදව් කළ යුතුයි, මගේ මාර්ගයට බාධා නොකරන්න''. එය කිසිවෙකුට උදව් නොකරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්