leader s

 පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකල රහස් මෙහෙයුමකදී මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් ගංජා කිලෝ 15 ක් හා

නිදන් හැරීමට යොදා ගන්න උපකරණ තොගයක් සමග (08) රාත්‍රී අත් අඩංගුවට පත්ව තිබේ.

මොනරාගල ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ නිදන් හාරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ලැබුන ඔත්තුවක් මත ක්‍රියාත්මක වූ STF නිලධාරීන් දින කිහිපයක් ඒ පිළිබඳව සෝදිසියෙන් සිට ඇති අතර ඒ අනුව ඊයේ පස්වරුවේ සැකකටයුතු ප්‍රාඩෝ  ජීප් රථයක් පරික්ෂා කල අවස්ථාවේ එහි සිටි මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ සැකකටයුතු කාන්තාවක් STF  නිලධාරීන්ට විරෝධය පළකර තිබේ.

අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවාස පරික්ෂා කිරීමේදී එහි සිවිලිමේ තිබී ගංජා කිලෝ 15 ක් හා නිදන් හැරීමට යොදා ගන්නා පන්දම් ලන්තෑරුම් ඇතුළු උපකරණ රාශියක් සොයාගෙන ඇත.

එසේම එම අවස්ථාවේදී එම නිල නිවසේ රැඳී සිටි තරුණයින් 6 දෙනෙක්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් නිදන් හැරීම සඳහා මොරටුව ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් බවට හඳුනාගෙන ඇත.

අනතුරුව සිදුකෙරුණ ප්‍රශ්න කිරීම් හමුවේ නිදන් හැරීමට දී යොදා ගන්න ස්කෑනර් යන්ත්‍රයක්ද සොයා ගෙන ඇත.

 
මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් එම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ සමීපතම හිතවතකු බව පැවසේ.
 
මේ අතර පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසන්නේ, මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා දේශපාලකයින් කිහිප දෙනෙකු දිගින් දිගටම බලපෑම් කර ඇති බවයි.

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්