මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් රහසිගතව හමු වී සාකච්ඡාවක් පවත්වා ඇති බවට වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන

ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇත.

මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව කතා බහක් යන අවස්ථාවක ස්වාධීන ආයතනයක් වන මැතිවරණ කොමිසමට යම් යම් පුද්ගලයන් සමග රහසේ සාකච්ඡා කළ නොහැකි බව සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා පැවසිය.

මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධව නීතිඥ සංගමය සමග මැතිවරණ කොමිසම රහස් සාකච්ඡා පැවැත්වීම කිසිසේත් ම අනුමත නොකළ යුතු බව ද එසේ සාකච්ඡා කරනවා නම් සාකච්ඡා කළ යුත්තේ නීතිපතිවරයා සමග පමණක් බව ද සහන් ප්‍රදීප් විතාන මන්ත්‍රීවරයා කීය.

මෙවැනි සිද්ධි තුළින් සිදුවන්නේ මැතිවරණ කොමිසම හෑල්ලුවට ලක්වීමක් බව ද කොමිසමේ බෙදීමක් ඇති බවට ද මේ වන විට වාර්තා වී ඇති නිසා මෙම හමුව පිළිබඳ වහා ම විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද සහන් ප්‍රදීප් විතාන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පෙරේදා (11) නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මුණ ගැසී උපදෙස් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ නීති කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා මුණ ගැසී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා බවට මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට පොරොන්දු වී පසුව නීතිපති මුණ ගැසිය නොහැකි බව පවසමින් මොහු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හමුවී උපදෙස් ගෙන තිබෙන බව ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය විසින් වාර්තාකර තිබේ.

එම පුවත් වාර්තාවල මෙසේද සඳහන් වේ.

'' මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසුණු අවස්ථාවේදී පවා සභාපති ඇතුළු සාමාජිකයන් පොරොන්දු වී ඇත්තේ නීතිපති උපදෙස් ලබා ගන්නා බවටය. එසේ තිබියදී මැ.කො. සභාපතිවරයා සාලිය පීරිස් මුණ ගැසී ඇත්තේ පළාත් පාලන මැතිවරණයට අදාළව අධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වලට මැතිවරණ කොමිසමේ නීතිඥවරයා ලෙස පෙනී සිටින්නැයි ඉල්ලා සිටීමට බව වාර්තාවේ.

නීතිපතිවරයා මුණ ගැසී උපදෙස් ගන්නා ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයන් නාම යෝජනා කැදවීමේ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමට පෙර සිටම ඉල්ලීම් කළත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති අතර මේ කාරණය ද මැතිවරණ කොමිසම දෙකට බෙදීමට හේතුවක් වී තිබෙන බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රජය නියෝජනය කරන්නෙකු ලෙස මෙලස නීතීඥ සංගමයේ සභාපතිවරයා මුණ ගැසීම නිදහස් හා සාධාරණ ඡන්දයක් සම්බන්ධයෙන් ගැටළු මතු කරන්නක් බවත් සාලිය පිරීස් ජනාධිපති නීතිඥවරයා නීතිංඥ සංගමයේ සභාපතිව සිටියදී අරගලය නියෝජනය කළ අතර එවැන්නෙකුගෙන් මැතිවරණ කොමිසම උපදෙස් ගැනීම ගැන රජයේ ඉහළ තැන්වල කතා බහට ලක්ව තිබෙන බව ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු සඳහන් කළේය.
මෙම කාරණය ගැන ඇමති මණ්ඩලයේ අවධානයට යොමු කරන බවද ඔහු කියා සිටියේය.''

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්