මැතිවරණ කොමිසමේ සාමාජික එස්.බී. දිවාරත්න ට ඊයේ (18) සවස දුරකථනයෙන් ඇමැතූ පුද්ගලයෙකු මරණ තර්ජන කර තිබේ.



දිවාරත්න ආණ්ඩුවත් සමග එකතු වී මැතිවරණය කඩා කප්පල් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළ පුද්ගලයා එසේ කළහොත් මරණයට සූදානම් වන ලෙස අනතුරු අඟවා ඇත.

තර්ජනය කළ පුද්ගලයා පෙනී සිට ඇත්තේ අරගලයේ සන්නද්ධ අංශයේ නායකයා ලෙස ය. කඩවත දළුපිටියේ පිහිටි දිවාරත්නගේ නිවසත් ඔහුගේ රථයත් වීඩියෝ ගත කරන ලද වීඩියෝවක් ද දිවාරත්න වෙත එවා තිබේ. දිවාරත්න මේ සම්බන්ධයෙන් කඩවත පොලිසියට පැමිණිලි කර ඇත.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සමක් ඊයේ (18) කැඳවූ අවස්ථාවේදී නාම යෝජනා භාර දීම අවසන් වූ පසු පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුව ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මැතිවරණ කොමිසම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන්ම දැනුම් දී තිබිය දී මෙවැනි තර්ජනය සිදුකිරීම ආණ්ඩුවේම සැලසුමකට අනුව සිදුවූවක් වියහැකි බවට විපක්ෂයේ ඇතැමුන් සැක මතුකරයි.

(මුලාශ්‍රය - ලංකා ඊ නිව්ස් )


 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්