leader s

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබේ.



ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ කොමිසමේ සමාජිකයින් දෙදෙනෙකු එය තහවුරු කළේ ය.

මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00 ට අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් එයට නාමයෝජනා භාර දී ඇත.

අරගලයත් සමග පසුගිය කාලයේ සෑම මාසයකම 09 වෙනිදා තීරණාත්මක දිනයක් විය. ඒ අනුව මාර්තු 09 වෙනිදා පළාත් පාලන මැතිවරණය යෙදී තිබීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ මතපලවී තිබේ.


ජනාධිපතිගේ බලාපොරොත්තුව ?

මේ අතර පී. හැරිසන් හිටපු අමාත්‍යවරයා පවන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිසේත් ඉඩ නොතබන බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බවයි.  

වර්ෂ අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්වීම ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව බව ඔහු වැඩි දුරටත් කියා සිටියි.

 

 

  

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්