leader s

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එළඹෙන බදාදා (25) පෙරවරු 9.30ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර පැවසුවාය.



මේ අතර, කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් යුතුව කථානායකවරයා විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන පුද්ගලයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ලෙස පත් කිරීම පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් සිදු කරන ලදී. ඒ අනුව ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, ආචාර්ය වැලිගම විදාන ආරච්චිගේ දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

එම නියෝජිතයන් තිදෙනා පත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය පසුගිය 18 වැනිදා ලැබිණ.

ආචාර්ය රාමානුජම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර දශකයකට වැඩි කාලයක් අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයෙකු ලෙස සේවය කර තිබේ. දිල්කුෂි අනුලා විජේසුන්දර වෘත්තියෙන් වෛද්‍යවරියක් වන අතර, ආචාර්ය දිනේෂා සමරරත්න නීති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු තීරණ කිහිපයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව එදින රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන 'ලංකාදීප'යට ප්‍රකාශ කර ඇත.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳහා ප්‍රධාන විපක්ෂය නොවන විපක්ෂයේ සෙසු පක්ෂවල නියෝජිතයා තවමත් පත්කර නොමැති අතර බදාදා සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පත් කරනු ලැබුවේ පසුගියදා සම්මත කෙරුණු විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුවය.


JW

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්