leader s

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) සාමාජිකත්වයෙන් මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් ඉල්ලා අස් වී තිබේ.


ඒ,  මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමිනි.

සිය ඉල්ලා අස්වීමේ ලිපි මගින් ඔවුන් දැනුම් දී ඇත්තේ, මහජන උපයෝගිතා කොමිසම පසුගිය කාල සීමාව තුළ කිසිදු වෘත්තියභාවයකින් තොරව කටයුතු කරමින් සිටීම සිය ඉල්ලා අස්වීමට හේතුව බව ය.

මෑතකදී මහජන උපයෝගිතා කොමිසම තුළට මැරයන් පිරිසක් ඇතුළු වී තමන්ට තර්ජනය කිරීමේ සිදුවීම සහ එම සිදුවීම ඊට පසු දින මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සාධාරණීකරණය කිරීම මගින් ඒ බව තහවුරු වන බව ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් ය.

එහි දැක්වෙන්නේ, මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කොමිස‍මේ සෙසු සාමාජිකයින්ගේ කැමැත්තතෙන් තොරව සිය තනි අභිමතය පරිදි තීරණ ගෙන ඒවා නිවේදනය කිරීමත් සිය ඉල්ලා අස්වීමට හේතුවක් බව ය.

මෙවැනි තත්ත්වයන් ‍මත තමන් සමාජය හමුවේ දුෂ්ඨයකු හා සමාන තත්ත්වයකට  පත් වී ඇති බව ද ඔවුන් සිය ලිපියේ දක්වා ඇති අතර අදාළ ලිපියේ පිටපත් මේ වනවිට ජනාධිපතිවරයා වෙතත්, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙතත්, මහජන උපයෝගිතා කොමිසම වෙතත් යොමු කර ඇතැයි එම කොමිසම පැවසීය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සහ මොවුන් දෙදෙනා අතර බරපතල මත ගැටුම් නිර්මානය වී තිබිණි.

මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ පසුගියදා ජනාධිපතිවරයා හමුවී ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා සාකච්ඡා කර තිබිණ. 

Mohan letter 2023

JW

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්