leader s

මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිධූරය තමාට ලබා දීමට තේරීම් කාරක සභාව පැහැදිලිවම තීරණය කර ඇතත්, පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය වෙනත් කතාවක් පැවසීමෙන් බරපතළ ගැටලුකාරී

තත්වයක් මතුව ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

සන්නිවේදන අංශය තමා සභාපතිවරයා ලෙස පිළිගෙන නැතැයි සඳහන් කළ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද කතානායකවරයාගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවද  ප්‍රකාශ කළේය.

මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස තමා පත් කෙරුණු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මහලේකම් මහලේකම් ධම්මික දසනායක තමාට පැහැදිලිවම පැවසුවේ යැයිද ඔහු කීවේය.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා යි.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමගම මුදල්  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අහෝසි වීම හේතුවෙන් හර්ෂ ද සිල්වා ට එම තනතුර අහිමිවිය.


(lankadeepa.lk)

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්