leader s

උතුරේ හමුදා කඳවුරක් සමීපයේ යුද හමුදාව විසින් බෞද්ධයන් නැති පළාතක අලුතින් සවිකළ බුදු පිළිමයක් ප්‍රදේශවාසී ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කරගෙන තිබේ.


පළාත් බද මාධ්‍යවේදීන් පවසන පරිදි යාපනය, අච්චුවේලි පොලිස් වසමේ නිලාවරෛ ප්‍රදේශයේ යුද හමුදා කදවුර අසල පිහිටි පැරණි බෝ ගසක් යට බුදු පිළිමය තැන්පත් කිරීමට යුද හමුදාව පියවර ගෙන ඇත්තේ 23 වැනි සිකුරාදා රාත්‍රී කාලයේදීය.

පසුදා උදෑසන එය දුටු ප්‍රදේශවාසී ජනතාව ඒ සම්බන්ධයෙන් අච්චුවේලී පොලීසියට සහ වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවට පැමිනිලි කිරීමට පියවර ගෙන ඇත.

 ප්‍රදේශවාසී දෙමළ ජනතාවගේ නොසන්සුන්තාවට හේතු වී ඇත්තේ බෞද්ධ ජනශූන්‍ය පළාත්වල බෝගස් සෙවනේ බුදු පිළිම තැබීමෙන් අනතුරුව හාමුදුරුවන් පදිංචි කරවා ඔවුන්ට ඇප උපස්ථාන කිරීම සඳහා පිටින් සිංහල‍යන් ගෙන්වා ජනාවාස ඇතිකිරීම මගින් උතුරු නැගෙනහිර ජන සංයුතිය වෙනස් කිරීමට හමුදාව මැදිහත් වීම යුද්ධයෙන් පසු කලක් තිස්සේ සිදු කෙරෙමින් පැවතීමයි. 

එම ප්‍රදේශවලින් හමුදාව ඉවත් කර පොලිස් බලතල පලාත් සභාවට පවරන ලෙස ඉල්ලීම් කෙරෙද්දී සිව් නිකායික මහනාහිමිවරුන් ජනාධිපතිට නිර්දේශ කර තිබුනේ ඉදිකර ඇති පන්සල් ආශ්‍රිත හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙසයි.

නැගෙනහිර  වලිකාමම් ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරාජා නිරෝෂ් සහ පොලිස් නිලධාරීන් නිලාවරෛ වෙත පැමිණ යුද හමුදා නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බුදු පිළිමය ඉවත් කිරීමට යුද හමුදාව කටයුතු කළ බව පළාත් බද මාධ්‍යවේදීහු වැඩි දුරටත් පවසති.

             

 

03 1

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්