leader s

බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට වැඩවර්ජනය හේතුවෙන් බාධා පැමිණෙන්නේ නම් පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීම සඳහා අවසර දීමට අමාත්‍යංශ, දෙපාර්තමේන්තු

ඇතුළු රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල වලට අවසර දීමට අද (1) සවස රැස් වූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණු බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව ඉහත ගිණුම් පෞද්ගලික බැංකුවල ආරම්භ කිරීමට ඉඩදිය යුතු බවටත් තීරණය කෙරුණු බව ද බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.

වැඩ වර්ජනය නිසා රාජ්‍ය බැංකු හරහා ගනුදෙනු කිරීමට නොහැකි වුවහොත් ණයවර ලිපි නිකුත් කිරීම ඇතුළු මූල්‍ය කටයුතු සියල්ලක්ම අඩාල වීමට ඇති අවදානම සම්බන්ධයෙන් ද විශේෂ කැබිනට් රැස්වීමේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.

වැඩවර්ජනය හේතුවෙන් රාජ්‍ය බැංකුවල කටයුතු අඩාල වී බෙහෙත් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ණයවර ලිපි විවෘත කිරීම කළ නොහැකි වන හෙයින් මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව දෙපාර්තමේන්තු, සංස්ථා, රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු ආයතන වලට මේ ආකාරයට පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පළ විනැයි ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්