leader s

ඉදිරි මහ මැතිවරණයේදී තමන් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරවීමට සූදානම් බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු එබව සඳහන් කළේ කොලොන්නාව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ට ස්තුති කිරීම සඳහා අද (17) පස්වරුවේ පැවති ජනහමුව අමතමිනි.

පසුගිය ජනාධිපතිවරණයේදී තමන් සහ තම පෙරමුණ පරාජයට පත්වූ බවත් එහි සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බවත් ඔහු පැවසිය.

අද දිනයේ පටන් තමන් රට පුරා සියලු ආසනවල තමන්ට ඡන්දය දුන් ජනතාවට ස්තූති කිරීමේ ජන හමුව පවත්වන බවද ඔහු සඳහන් කළේය.

කොලොන්නාව එජාප ප්‍රධාන සංවිධායක එස්. එම් මරික්කාර්ගේ සංවිධානත්වයෙන් පැවති එම රැස්වීමට එජාපෙ මැති ඇමතිවරුන් රාශියක් එක්ව සිටියහ. 

ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඡන්ද ලක්‍ෂ 55කට වැඩි සංඛ්‍යාවක් ලබාදුන් ජනතාවට ස්තූතිය පළ කිරීම සඳහා සජිත් ප්‍රේමදාස සහභාගිවන රැස්වීම් මාලාවේ පළමු රැස්වීම මෙයයි

Sajith Kolonnawa 2019.12.17

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්