සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක කුඩයක් යටට ගෙන ඒමට උත්සාහ කළ නමුත් සජබ නායකත්වයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා උත්සාහය අත්හළ බව සජබ කොළඹ

දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසීය.

තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් එක්ව මේ උත්සාහය ගත් බවද මනෝ ගනේෂන් සඳහන් කළේය.

කෙසේ වෙතත් "අගමැතිකම" පිළිබඳව එහිදී කිසිවක් සාකච්ඡා නොවූ බවද ඔහු සඳහන් කළේය.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක (Leader of Tamil Progressive Alliance-TPA) , මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පසුගිය 15 දා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින්, සජිත් ප්‍රේමදාස අගමැති කිරීම සඳහා ඔහු ජනාධිපතිවරයා සමග සාකච්ජා කර ඇතැයි ඇතැම් මාධ්‍යවල පළව ඇති වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබිණ.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

'' එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් එක සංධානයකට ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මා සාකච්ඡා පැවැත්වූ බව ඇත්ත.

නමුත් මේ සාකච්ඡාවේ කිසිදු අවස්ථාවක අගමැති තනතුර පිළිබදව කතා කළේ නැහැ. ඒ ගැන අදහස් ඉඅදිරිපත් කිරීමට ඉක්මන් වැඩිය යන අවබෝධය  මා  තුළ තිබුණා.

 කෙසේ වෙතත් මේ සංධානගත වීම පිළිබඳ, විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ නිසා එම සාකච්ඡාව ඉදිරියට ගෙනයෑම මා විසින් අත්හිටුවා දැම්මා.

එසේ තිබිය දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අගමැති තනතුර ලබා දීමට සූදානම් බවට මා හරහා පණිවිඩයක් ලබා දී ඇතැයි පවසමින් ඇතැම් මාධ්‍යයන් විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යක්.  

ඒ වගේම මම පණිවිඩකරුවන් නොවෙමි. සද්භාවයෙන් මතවාදීව යම් සාකච්ඡාවක දී මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත් වීමට හැකියාවක් ඇතැත් පණිවිඩකරුවාගේ භූමිකාව මා විසින් නොකරන බවත් ප්‍රකාශ කර සිටීමට කැමැත්තෙමි.'' 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්