leader s

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත 2018 වසරේදී ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පවසයි.


එවක කැබිනට් මණ්ඩලය විසින් මෙම පනත් කෙටුම්පත අනුමත කර තිබූ බැවින් මේවනවිට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන සිටින එවක කැබිනට් මණ්ඩලයේ සිටි කිසිවෙකුට මෙම කෙටුම්පතට විරුද්ධ විය නොහැකි බව ද ඔහු සඳහන් කළේය.


ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතට සජබ යෙන් අලුත් නමක්


යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත හැඳින්වෙන නම වෙනස් කළ යුතු බව සමගි ජනබලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්න සඳහන් කළේ එය හැඳින්වෙන ආකාරය 'රාජ්‍ය ත්‍රස්තවාදී පනත' ලෙස එය වෙනස් කළ යුතු බවයි.



යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ද මෙලෙස අදහස් පළ කළේය.




(nethnews.lk)

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්