මියන්මාර මුහුදු සීමාව තුළ දී අත්අඩංගුවට ගෙන වසර 5 කට  සිරදඬුවම් ලබා සිටි ශ්‍රී ලාංකික ධීවරයන් පස් දෙනෙකු මියන්මාර රජය විසින් ප්‍රදානය කරන ලද සමාව යටතේ,2023 අප්‍රේල් 27 වන දා යලි දිවයිනට

පැමිණියහ.

මෙලෙස නිදහස ලබා පැමිණි ධීවරයන් වන්නේ, ආර්. ආර් . ගාමිණී, එම්. එම්. ආර්. ඩී. ඩිල්ෂාන්, එල්. එස්. ජේ. නානායක්කාර, වී.ජී. එල්. ආර්. කුමාර සහ එල්. එච්. එන්. කරුණාසිංහ යන අයයි.

ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කරන ලද ඉල්ලීම් හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මියන්මාරයේ අග්‍රාමාත්‍යවරයා වෙත පුද්ගලිකවම කරන ඉල්ලීමකට අනුව 2023 මාර්තු 28 වන දින මියන්මාර රජය විසින් මෙම ධීවරයන්ට සමාව ප්‍රදානය කර තිබේ.

2022 දෙසැම්බර් මස 29 වන දින ත්‍රිකුණාමලය ධීවර වරායෙන් නික්මී "තරු රශ්මි" නම් බහුදින යාත්‍රාවෙන් මුහුදු ගොස් ඇති මෙම ධීවරයන් 2023 ජනවාරි මස 24 වන දින මියන්මාරයේ මුහුදු සීමාව තුළ  මසුන් අල්ලමින් සිටියදී මියන්මාර නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ආගමන විගමන නීති උල්ලංගණය කරමින් මියන්මාර මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් නඩු පවරා  2023 මාර්තු 22 දින මියන්මාර අධිකරණය විසින් ඔවුනට පස් අවුරුදු සිර දඬුවමක් හා වැට් ( MMK) 280,000 ක දඩ මුදලක් ද නියම කරන ලදී.

මෙම ධීවරයන් පොලිස්  අඩංගුවේ සිටි කාලය හා සිරගතව සිටි කාලය තුළදී විදේශ අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය හා එක්ව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාරසහ එම කාර්ය මණ්ඩලය විසින් ඔවුන් පිළිබඳව නිරන්තරයෙන්ම සොයා බලන ලද අතර අවශ්‍ය නීති සහාය සහ ආහාර පානාදිය සපයමින් ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා යුහුසුලුව ක්‍රියා කර තිබිණ.

WhatsApp Image 2023 04 29 at 7.56.15 AM

WhatsApp Image 2023 04 29 at 7.56.15 AM 1

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image