leader s

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.


ඒ සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇත්තේ පොලිස්පති චන්දන වික්‍රමරත්න ගේ සේවා කාලය ජුනි 26 වැනිදා අවසන්වීමට නියමිත නිසා බවද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඇතැමුන් පොලිස්පති ධුරය ලබා ගැනීම සඳහා දේශපාලන නායකයන් සමඟ සමීපව සම්බන්ධවෙමින් මේ දිනවල කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇති අතර එසේ සහය ලබාගැනීමට උත්සාහ දරන පිරිසට ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන්ද  සිටින බව ද වාර්තා වේ.

සාමාන්‍යයෙන් පොලිස්පති ධුරය හිමි වන්නේ ජේෂ්ඨත්වය අතින් ඉහළින්ම සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටය.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පොලිස්පති ධුරය සඳහා සුදුසු නමක් හෝ නම් කිහිපයක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරනු ලැබේ. ඉන්පසු ඒ සභාවේ අනුමැතියෙන් පසු සුදුසු නම ජනාධිපතිවරයාට නිර්දේශ කෙරෙන අතර ජනාධිපතිවරයා විසින් ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රකාශකයකුගෙන් කළ කරුණු විමසීමකදී ඔහු පැවසුවේ පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයාගෙන්  නමක් හෝ නම්  තවමත් ලැබී නොමැති බවයි.

පොලිස්පති ධුරය සඳහා සුදුස්සකුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ළඟදීම යොමු කරන බව රජයේ ප්‍රකාශකයෙක්  'ලංකාදීපය'ට පවසා ඇත.

PHOTO 2023 04 26 15 13 55

(lankadeepa.lk)

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්