leader s

චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගිවීමට බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලංකා සම්භවයක් සහිත වෛද්‍යවරයකු වන හරීන් ද සිල්වා ට ද ආරාධනා ලැබී තිබේ.

කොවිඩ් වසංගතය කාලයේදී සිදු කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමකින් ද වෛද්‍ය හරීන් ද සිල්වා පිදුම් ලබා ඇත.

එම පදක්කම දෙවැනි එළිසබෙත් රැජින විසින් පිරිනමන ලදි.

තමන් ශ්‍රී ලංකාවේ සිට පැමිණ ලන්ඩනයේ දුප්පත් ප්‍රදේශයක හැදී වැඩුණු බවත් රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබීම තමන් ලැබූ ගෞරවයක් බවත් වෛද්‍ය හරීන් ද සිල්වා පැවසුවේය.

 
 129385578 gettyimages 1481045779
චාල්ස් රජු සහ කැමිලා රාජ මෙහෙසිය මැයි හයවන දා ලන්ඩනයේ දී ඔටුනු පළඳිනු ඇත
 

අද (මැයි හයවැනි දා)  ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ආසන දෙව් මැඳුරේ දී රජු, රාජ මෙහෙසිය කැමිලා ද සමග ඔටුනු පළඳිනු ඇත.

මේ සඳහා පුද්ගලයින් 2000ක් පමණ දෙනාට ඇරයුම්පත් යවා ඇති බව වාර්තාවේ. ආරාධිත අමුත්තන් 2000 අතර ප්‍රමුඛ පෙළේ දේශපාලකයින් සහ ලෝක නායකයින් ද සිටිති.

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගිවීමට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුලු පිරිසක් ද ලන්ඩනය බලා ගොස් තිබේ.


ස්වේච්ඡා සේවකයින්, සන්නද්ධ හමුදා සහ පුණ්‍යායතන සේවකයින්


චාල්ස් රජු හා කැමිලා, ඔවුන්ගේ පුණ්‍ය කටයුතු පිළිබඳ කෙරෙන ඇගයීමක් ලෙස ප්‍රජා නියෝජිතයින් 850 දෙනෙකුට උත්සවය සඳහා ඇරයුම්කර ඇත.

මෙයට, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කම්ලාභීන් (BEM) 450 දෙනෙකු හා රාජකීය පවුල විසින් තෝරාගැනුණු කණ්ඩායම්වල තරුණ තරුණියන් 400 දෙනෙකු ද ඇතුළත් ය.

උත්සවය සඳහා ඇරයුම් ලැබුමට වාසනාවන්ත නොවූ සියලුදෙනා වෙනුවෙන්, BBC One හා BBC Radio හරහා උත්සවය සජීවීව විකාශය වනු ඇත.

එසේම එය BBC iPlayer, BBC Sounds සහ බීබීසී පුවත් වෙබ් අඩවිය හරහා ද නැරඹීමට හැකි ය.


 (lankadeepa.lk)
 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්